(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී සහ ඉන් පිටත පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පහරදීම් ඇතුළු නොහික්මුණු සිදුවීම් උත්තරීතර සභාවක නොවිය යුතු ඒවා බවට එම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තුවේ විනය රැක ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන වගකීම බවත් මන්ත්‍රීවරුන් මැතිසබයේ මෙන්ම ඉන් පිටතද වගකීමෙන් හැසිරීම ඉතා වැදගත් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත .
පාර්ලිමේන්තුවේ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂණ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය මැයි මස 6 වෙනිදා බාරදෙනු ලැබීය.
එම නොහික්මුණු සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බලා එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව කතානායකවරයා විසින් පත් කරනු ලැබූවේ පසුගිය අප්‍රේල් මස 23වැනිදාය.
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර පියදර්ශන යාපා ඉමිටියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරු කටයුතු කළහ.
කෙසේ වෙතත් මෙම වාර්තාවෙන් කිසිවකු හෝ සම්බන්ධයෙන් දඬුවම් ක්‍රියාමාර්ග නිර්දේශ කර නැතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දිනයේදී නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අදාළ පක්ෂ නායකයන්ට පැවරෙන වගකීමක් බවයි.
මේ වාර්තාව මැතිසබයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් වාර්තාව එම සිද්ධීන්වලට සම්බන්ධ පාර්ශවයන්ට බාර දෙන බවත් කතානායකවරයා වැඩිදුරටත් කීවේය.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වාර්තාවේ අඩංගු කරුණු මොනවාදැයි කතානායකවරයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.