IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ගෝරි කළ මන්ත්‍රීවරුන්ට මැති සබා කමිටුවෙන් දෝස් මුර

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී සහ ඉන් පිටත පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පහරදීම් ඇතුළු නොහික්මුණු සිදුවීම් උත්තරීතර සභාවක නොවිය යුතු ඒවා බවට එම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුවේ විනය රැක ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන වගකීම බවත් මන්ත්‍රීවරුන් මැතිසබයේ මෙන්ම ඉන් පිටතද වගකීමෙන් හැසිරීම ඉතා වැදගත් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත .

පාර්ලිමේන්තුවේ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂණ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය මැයි මස 6 වෙනිදා බාරදෙනු ලැබීය.

එම නොහික්මුණු සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බලා එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව කතානායකවරයා විසින් පත් කරනු ලැබූවේ පසුගිය අප්‍රේල් මස 23වැනිදාය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර පියදර්ශන යාපා ඉමිටියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරු කටයුතු කළහ.

කෙසේ වෙතත් මෙම වාර්තාවෙන් කිසිවකු හෝ සම්බන්ධයෙන් දඬුවම් ක්‍රියාමාර්ග නිර්දේශ කර නැතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දිනයේදී නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අදාළ පක්ෂ නායකයන්ට පැවරෙන වගකීමක් බවයි.

මේ වාර්තාව මැතිසබයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් වාර්තාව එම සිද්ධීන්වලට සම්බන්ධ පාර්ශවයන්ට බාර දෙන බවත් කතානායකවරයා වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වාර්තාවේ අඩංගු කරුණු මොනවාදැයි කතානායකවරයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

 



අදහස් (2)

ගෝරි කළ මන්ත්‍රීවරුන්ට මැති සබා කමිටුවෙන් දෝස් මුර

සෙනෙවිරත්න Wednesday, 14 July 2021 12:10 PM

නම දාන්න අමාරු ඇති. ඒත් ඔහොම පහත් විදියට හැසිරීම නැවතත් පාර්ලිමේන්තු ඒමට සුදුසුකමක් වෙනවා. එහෙම සාක්ෂරතාවයෙන් ඉහළ ඡන්ද දායකයින් අපේ රටේ ඉන්නේ...

:       0       3

ලලිත් එම් Wednesday, 14 July 2021 12:57 PM

අර යහපාලනය කාලේ මිරිස් කුඩු ගහපු දේවල්, එහෙමත් කරපු කියපු අයත්, ඔය කොමිටියට දැම්මා නම් පරීක්ෂණ කටයුතු තව දුරටත් ලේසියෙන් කරන්න පුලුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 177 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site