







(ශාන්ත රත්නායක)
ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.
වසර 23 ක් පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.
ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළහ.
COMMENTS
රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලා පත් කරගත් ජනපතිවරයා මේ උද්ඝෝෂණ වලටත් විසඳුමක් හැටියට "විරෝධතා ස්ථානයක්" හදලා දුන්නා නේද ??
මොවුන්ට ගුරුප්රශ්න මතක් වුනේ මේ මාස තුන ඇතුළතද? ඇයි ඔහෙලා ගිය අවුරුදු 4 1/2 යහපාලනය තුළ බුදියා ගෙන සිටියාද? ඇයි බොලේ වසර 23ක් පැවති විදුහල්පති වැටුප් විෂමතාවය තවම පත් නොවුණු ආණ්ඩුවකට විසඳන්නලු... කාලා වරෙන්කෝ..! බත් නොවෙයි ගොම...
අනාගත පරපුරට දෙන ආදර්ශය ඉතාමත් අගනේය...
මෙතන ඉන්න ජවිපෙ සංගමේට මෙවැනි දෙයක් කලේ නැත්නම් මාසෙකට දවසක් හරි කසනවා වගේ ඇති. මේ සංගමේට ගුරුවරු දක්වන කැමැත්ත දැක්කා පහුගිය අධ්‍යාපන සමුපකාර ඡන්දෙන්...
එයාලා බලය ගන්න කරපුවා දැන් එයාලා පස්සෙන් එනවා.
මෙන්න සුබ අනාගතයේ පෙර නිමිති... අලුත් වයින් බෝතලේ පරණ වයින්....
මම අසූවේ ජුලි වර්ජකයෙක්මි. වර්ජනයෙන් පසු විඳි දුක් දන්නේ මා සහ මගේ බිරිඳ පමණි. එවක ළදරුවෙක්වූ මගේ ලොකුපුතා බඩගින්න දැනී හැඬු වාර අනන්තය. මා සහ බිරිඳ එක්ව ඒ දුෂ්කර අවස්ථාවෙන් එගොඩවුවා මිසක, අප සටනට නායකත්වය දුන් කිසිවෙකු අප දෙස හැරී බැලුවේවත් නැත. ඔවුන්ටත් මට වගේම ප්‍රශ්න තියෙන්නට ඇත. ඒ නිසා තනිවම දුෂ්කරතාවයන්ට මුහුණදීමට හැකිනම් පමණක් මේවාට සහභාගී වෙන්න.
මේ ජනපති පත්වෙලා මස දෙකක් ඉකුත්වෙලා තියෙන්නේ.මෙහෙම උද්ඝෝෂණ කරන්න පටන්ගත්ත නම් ගෝඨාභය ජනපතිටත් උද්ඝෝෂණ සාමාන්‍ය දෙයක් වේවි.
අපේ ස්වාමින් වහන්සේලත් වැටුප් විෂමතා ඉවත් කරන්න කියන්නේ සසරින් එතෙර වෙන්න හිතාගෙන වත්ද ? ලැබෙන දෙයක් මැදහත් සිතින් බාරගෙන ප්‍රජාවට සේවය කළ යුගයක නිමාව.
හීනෙන් නැගිටලා වගේ, රජයක් පත්වෙනකම් ඉඳලා ඔය ඉල්ලීම් ඉල්ලුවොත් නරකද?
සුභ අනාගතයේ මල් පිපෙන්න පටන් අරන් ඉදිරියේදී පල හටගනිවී... කල කල දේ පල පල දේ කියා කියමනක් ඇත.
තමන් ළඟ ශිල්ප ඉගෙන ගන්න දරුවන්ට හොඳ ආදර්ශයක්. අනේ අනේ.
මේ කට්ටිය ගෝල්ෆේස් යවන්න සරුංගල් අරින්න සුභ අනාගතයක්.
රටේ ප්‍රශ්න ගැන අවබෝදයෙන් ඉන්න ජනාධිපති ට ඔයාලා එකපාරට පාරට බහින්නේ ඊලග ඡන්දෙ ට යන්න ඉන්න යුඑන්පි එකෙන් ආපු තල්ලුවක්ද ?
රටේ ප්‍රශ්න ගැන අවබෝධයෙන් ඉන්න ජනාධිපතිට ඔයාලා එකපාරට පාරට බහින්නේ ඊළඟ ඡන්දෙට යන්න ඉන්න යූඑන්පී එකෙන් අාපු තල්ලුවක්ද? රටේ උගතුන් බිහිකරන පාසල් වල ඉන්නේ මේවගේ මොට්ට හරක් ටිකක්ද?