IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගුරුවරියට බලහත්කාරකම් කළ ගුරුවරයාට දඬුවම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි


 
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
කොළඹ ප‍්‍රසිද්ධ පාසලක සංගීත ගුරුවරියකට බලහත්කාරකමක් කරන ලදැයි කියන චෝදනාවට වරදකරු කරමින් ඊට දඬුවම් නියම කරන  කොළඹ මහාධිකරණය නියම කළ දඬුවම ඉවත දමන ලෙස ඉල්ලා එම ගුරුවරයා ගොනු කළ  විශේෂ අභියාචනා පෙත්සම ගාස්තු සහිතව නිෂ්ප‍්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (12)  නියෝග කළේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ විත්තිකාර ගුරුවරයා ගොනු කළ අභියාචන පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප‍්‍රකාශ්‍යට පත් කරමිනි.
 
මෙම තීන්දුව බුවනෙක අළුවිහාරේ සහ මුර්දු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින්   ප්‍රකාශයට පත් කරනු ලැබීය.
 
ගුරුවරියට සංගීත කාමරය තුළදී බලහත්කාරකමක් කරන ලදැයි කියමින් මහාධිකරණයෙන් වරදකරු කරනු ලැබ ඊට එරෙහිව අභියාචනය ගොනු කර තිබුණේ කොළඹ 06 පදිංචි   තුසිත් තිළිණ මාලෙගොඩ නම් ගුරුවරයෙකි.
 
ගුරුවරියට බලහත්කාරකමක් කරන ලදැයි කියමින් කළ පැමිණිල්ල ගැන විමර්ශන නැතැයි හෙයින් තමන්ට වූ සිද්ධිය ජනමාධ්‍යයට ලබා දුන් බව කියමින් අධ්‍යාපන අමාත්‍යංශය එම ගුරුවරියගේ වැඩ තහනම් කර තිබිණි.

එම වැඩතහනමට එරෙහිවද ගුරුවරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර මීට පෙර එම තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ වැඩ තහනම ඉවත් කරන ලෙසත්, ගුරුවරියට වන්දි ගෙවන ලෙසත් නියෝග කළේය.
 
එම තීන්දුවෙන් පසු කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා (එක්තරා සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනම් කරනු ලැබ ඇප මත සිටී) ගුරුවරියට අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවෙන් ගුරුවරයා නිදොස්කර නිදහස් කළේය. තිලිණ ගමගේ මහතාගේ තීන්දුවට එරෙහිව ගුරුවරියට කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු චමත් මොරායස් මහතා ගුරුවරයා වැරදිකරු බවට පත් කළේය. ගුරුවරයාට එරෙහිව දඬුවම් නියම කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළේය. අද තීන්දුව ලබා දුන්නේ එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ගුරුවරයා කළ අභියාචනා පෙත්සමේය.
 
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මොරායස් මහතාගේ තීන්දුව ක්‍රියාත්මක වන අතර ගුරුවරයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම කිරීමට නියමිතය.
 
මෙම නඩුවේ විත්තිකාර අභියාචක ගුරුවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය. ගුරුවරිය වෙනුවෙන් නීතීඥ මිගාර ඩොස් සහ ජයන්ත දෙහිඅත්තගේ මහත්වරු සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙනී සිටියහ.   නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ මලික් අසීස්  මහතා පෙනී සිටියේය.



අදහස් (4)

ගුරුවරියට බලහත්කාරකම් කළ ගුරුවරයාට දඬුවම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි

දිමුත් Tuesday, 12 February 2019 01:09 PM

ඇයි මේ ජනාදිපති නීතිඥ කියන කොට්ටාශය අපරාදකරුවන් වෙනුවෙන් නිතරම පෙනී සිටින්නේ? අර සිද්ධික් කියන ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවටත් ඇප අරන් දීලා තියෙන්නේ ජනාධිපති නීතිඥයෙක්.

:       7       72

Karu Tuesday, 12 February 2019 01:48 PM

මෙම ගුරුතුමිය තමාට විරුද්ධව බොහෝ බලවේග ක්‍රියාත්මක වුනත් නොපසුබට අධිෂ්ටානයෙන් ඒ සියල්ල ජයගෙන ඇත. මෙම දිරිය මාතාවට අපගේ සුබ පැතුම්

:       10       456

ප්‍රියන්ත Wednesday, 13 February 2019 03:32 AM

මෙයාල තමා වැරදී කාරයා නිවැරදි කාරයා කිරිමට ගොඩක් දක්ෂ. ඉල්ලන මුදල ඉහලයි . ඉතින් ගාන අඩු ලෝයර් කෙනෙක් දාන නිවැරදි මිනිහගේ නඩුව පරදිනවා.

:       0       27

sam Wednesday, 13 February 2019 06:07 AM

බැලුවාම අලි හොරකම පමණක් නොවේ, වැරදිකරුවන් නිදහස් කිරීමත් කරලා තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site