(උපාලි ආනන්ද)
නීතියට පටහැනි අයුරින් තමාට ලබා දී ඇති ස්ථාන මාරුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුරුවරයකු පැවරූ නඩුවක් විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කිරීමට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(10) නියෝග කළේය.
ගියාන් චන්ද්‍ර රනවක සහ සුමුදු පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ගුරුවරයා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම නිශ්ප‍්‍රභ කෙරිණ.
අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහ විද්‍යාලයේ ගුරුවරයෙකු වන අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර 5 ඇල පදිංචි ප‍්‍රභාත් මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා මගින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවරූ නඩුවක් මෙසේ විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කෙරිණ
මෙහිදි පළමු වගඋත්කරකාර අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සරත් විජයරත්න මහතා කියා සිටියේ මෙම නඩුවේ පෙත්සම්කාර ගුරුවරයා සහ ඔහුගේ නීතිඥවරයා දෙදෙනාම නඩුවට පෙනී නොසිටීමෙන් පෙනීයන්නේ ඔවුන් නඩුව පවත්වා ගෙන යාමට උනන්දුවක් නොදක්වන බවය. ඒ අනුව පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියේ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජලිකා හෙට්ටිආරච්චි, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යශංයේ ලේකම් තිලක බණ්ඩාර යන මහත්ම මහත්මීන්ය.
පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා පෙනී සිටි පළමු වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ සරත් විජයරත්න මහතාත් දෙවන සහ තුන් වන වගඋත්තරකරුවන් වෙනුවෙන් උතුරු මැද පළාත් සභාවේ නීති නිලධාරිනී විශාකා සෙනවිරත්න මහත්මිය පෙනී සිටියාය.
2025 නොවැම්බර් මස 04
398
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුරුවරයකුගේ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි