
(සුජිත් හේවාජුලිගේ )
ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය.
කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනිදා පාසල්වලට අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා යල්වෙල හිමියන්, ජෝශප් ස්ටාලින්,මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන තමාට විශ්වාසයක් ඇති බවද ප්‍රකාශ කළේය.
ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව ගනුදෙනු කිරීමට සූදානම් බවද මහාචාර්යවරයා කීවේය.
රාජකාරියට නොපැමිණෙන ගුරුවරුන්ගෙ නොවැම්බර් මස වැටුප නතර කරන බවට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ තමා ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ ගැන අදහසක් පළ කරන බවයි.
තමා ඒ ගැන කොල්ලුරේ මහතාගෙන්ද විමසන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
නැතුව නැතුව .ලංකාවේ මොට්ටයින් හදන තරමටම ඔගොල්ලොන්ගේ පැවැත්ම තියෙන්නේ
පඩිය නවත්වන්න අහනන දෙයක් නැහැ
වැඩි වැඩ කරන්න ගිහිල්ලා තියෙන ටිකත් නැති කරන්න හදන්නේ .
බස්, කෝච්චි හරියට දුවන්නේ නැතිව කෝ අද ගුරුවරුන්..? වැඩට එන්නේ නැහැ. ආණ්ඩුවේ නොහැකියාව ගුරුවරුන් පිටින් දාන්න තමයි මේ ගේම් ගහන්නේ....
මේ පාර කකුල් වලින් නොවේ, තට්ටම්වලින් ඇවිදින්න වගේ දඟලන්නේ. ඔහොම යමු. කොච්චි, ගම්මිරිස් පුංචි වුණත් සැරයි. ගුරාලා තනතුරෙන් පොඩි වුණාට වැඩෙන් නම් ලොකුයි.
අමතක නොකර අහන්න, මේ දවස්වල කොල්ලුරේගේ මොලේ කචල්ද කියලා...?
අමු කැවිලද?
කපටි කතාවක් ...
ඉගැන්වීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් හදන්න වගේ...
අපේ සර්ගේ 'ගුරුවරු නැති පාසැල්' සංකල්පය වෙන්න ඇති
මහාචාර්යවරයෙක් හැමවෙලේම බෙරිහන්දී ගෙන දඟලන පිස්සෙක් වගේ ඇමතියෙක් එක්ක ලැග්ගම හරිද.ආපසු තමන්ගේම තනතුරට ගිහිල්ල රටට වැඩදායක දෙයක් කරන්න.
අපිට තියෙන්නෙ ඒකම ප්‍රශ්ණයයි. අපි ඡන්දෙ දුන්නෙ මේ ආණ්ඩුවටද නැත්නම් වෘත්තිය සමිති කාරයන්ටයි වෙළෙන්දන්ටයි ද ?
පොඩි පවුලකින් ඇවිල්ලා කපිල දැන් ලොක්කෙක් වෙලා - ඔහොම යං - ආණෟඩුවට කඩේ ගිහින් ඔයාටත් වැඩ වරදින්න පුලුවන් - අපි බලාගෙන ඉන්නේ - විදුහල්පති තණතුරක්වත් නොදරා දේශපාලන හයියෙන් උඩට ආවම ඔහොම තමයි
අද දින ළමයින් 200 ට අඩු පාසල් නිල වශයෙන් ඇරඹුණද සත්‍ය නම් අනෙකුත් පාසල් සම්පුර්ණ යෙන් ආරම්භ වීමට තවත් සැලකියයුතු කාලයක් ගතවන බවයි. ඉන්පසුත් බොහෝවිට මාස කිහිපයක් යනතෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. වසර දෙකකට අසන්න කාලයක්, වාර විභාග 5ක් මගහැරුණු දරුවන්ට සෑම ශ්‍රේණියක් සඳහාම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සූදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හඳුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් හදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් ලබන සතියේ සිට පාසලට කැඳවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ...