(රංජන් කස්තුරි)
රටපුරා සියලුම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු යැයි දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේකයන් සියලු දෙනාම සාමාන්‍ය පරිදි අද සිට රාජකාරිවලට වාර්තා කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක්‍රලේඛයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදි ගැහීගෙන විරෝධතා ව්‍යාපාරවල යෙදිය හැකිනම් රාජකාරියට ඒමට කොරෝනා බාධාවක් නොවේ
විශිෂ්ටයි. රට දියුණු කිරීම සඳහා අප කළ යුතු ක්‍රමය එයයි. නමුත් දේශපාලනඥයා අව්‍යාජ විය යුතු බව මතක තබා ගන්න. ප්‍රභාත්
හොඳයි, ගෙදර ඉඳන් පඩි ගත්තා ඇති. ළමයි තව ටික දවසක් ගෙදර හිටියට කමක් නෑ. ගුරුවරුන්ට පුළුවන් පාසල් සුද්ද කරන්න... ළමයි නැති නිසා පඩිය රජය ගෙවනවා...
වාර්තා නොකලොත් 1985 ජුලි වර්ජකයින්ට කරපු සැලකිල්ල කරන්න
නැත්නම් ගෙදර ඉන්න
ඔය චක්‍ර ලේඛය ක් නෙවි ලියුම ක්. ඉරිදා නිවාඩු දිනවලදී රාජකාරි ලියුම් ගහන්න පුළුවන් ද. අනෙක මේ ලේකම් තුමා නිකං ඉල්ලගෙන කනව.
මේක හොඳයි... ඔවුන්ට උගන්වන්න ඕනෑ..
නියම වැඩේ.වැඩ නොකලත් පඩි රහිත නිවාඩු
ස්නායු පද්ධතියක් නැද්ද ලේකම්ට...? පවතින තත්වය මත අනවශ්‍ය කැඳවීමක්... පාසල් පටන් ගන්න දිනයක්වත් කීවා නම් ඊට සූදානම් වීමට කැඳවන්න තිබුණා. මේක ගුරුවර්ජනය එල්ල කළ කැඳවීමක් බව පොඩි අයටත් තේරෙනවා.
ගුරුවරු කියන්නේ විශාල මෙහෙයක් කරන මිනිස්සු කොටසක්, දියවන්නාවේ ඉන්න හොරු රැල තමන්ගේ පඩි නඩි, මාලිගා වගේ යානවාහන ඒ අයම යෝජනා කරලා ඔවුන්ම සම්මත කරගන්නවා. අර තව කට්ටියක් ඩොලර් නෑ කියලා ජපානේ යනවා තොග පිටින් ඔලිම්පික් බලන්න... මෙහෙ දෙමව්පියන් බැංකුවල රස්තියාදු වෙනවා පිටරට ඉගෙන ගන්න දරුවන්ට සල්ලි යවන්න ඩොලර් හිඟය නිසා. තව ඇමතියෙක් කියනවා තෙල් ගෙන්නන්න ඩොලර් හිඟයි කියලා.., තව කෙනෙක් කියනවා කොප්පරා ගෙන්නන්න ඩොලර් නෑ කියලා. ඩොලර් මවනවා කියලා නේද ඔය වියත් මගේ අය පම්පෝරි ගැහුවේ. කෝ වැඩ, මේ අය හැමදාම කළේ අපි රවටන එකයි. නාග ලෝකෙ මැණික් ගෙනාවා අපේ මිනිස්සු ඇන්දුවා. හැබැයි මේවායේ අවසානයක් තියෙන්න ඕනෑ. හැබැයි ඒ අවසානය බොහොම ඛේදජනක වෙන්න පුලුවන්... ඒකයි බය.