(නිමන්ති රණසිංහ)

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට සිය නිවස ආසන්න ජාතික පාසල්වලට තාවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන් සදහා එම සේවා කාලය තවදුරටත් දීර්ඝ කරගැනීමට හැකියැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

රටේ පවතින කොවිඞ් තත්තවය හමුවේ පාසල් වසා ඇති කාලසීමාව තුළ, සිය නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් ජාතික පාසලක් වෙත තාවකාලික අනුයුක්තවීමට ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව ලබා දී තිබිණී.

කෙසේ වෙතත්, එම කාලසීමාවන් අවසන් කළ ගුරුවරුන් තම නිත්‍ය සේවා ස්ථානයට ගොස් වාර්තා කළයුතුව ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කරගැනීමට අවශ්‍ය ගුරුභවතුන් ඇත්නම්, පාසල් ආරම්භ කළ පසු සිය නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත නැවත ඉල්ලීමක් කළ යුතුව ඇතැයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් සදහන් වෙයි.