(මොහොමඩ් ආසික්)
නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකවරයාගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරයෙකුගේ චරිතය යොදා ගෙන නිර්මාණය කර ඇති දැන්වීමක් වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද (08) වැනිදා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම සංගමයේ සභාපති කේ.ඩී.එස්.කොඩිකාර මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභපති කේ.ඩී.එස්.කොඩිකාර මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති එම පැමිණිල්ලේ මෙසේද සඳහන් වෙයි.
ආයතන සංග්‍රහය අනුව සෘජු දේශපාලන අයිතිවාසිකම් අහිමි මැතිවරණ කටයුතුවලදී වැඩි දායකත්වයක් සපයන අපක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් වන ග්‍රාම නිලධාරීන් නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් සකස් කළ ප්‍රචාරක දැන්වීමක් ඊයේ (07) දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එමගින් මහජනතාව සමඟ සෘජුව කටයුතු කරන ග්‍රාම නිලධාරීන් යම් දේශපාලන පක්ෂයකට පක්ෂපාති කණ්ඩායමක් බවට අදහසක් මත වාදයක් සන්නිවේදන වන බවද එහි සඳහන් කර තිබේ.
ඡන්ද හිමිනාම ලේඛණ සකස් කිරීම, ඡන්දය සඳහා අනන්‍යතා පත්‍ර සකස් කිරීම, ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කිරීම ඇතුළු මැතිවරණයට අදාළ රාජකාර බහුතරයක් සිදු කරනුයේ ග්‍රාම නිලධාරින් මගින් බවත් ඉදිරියේදීද පවත්වනු ලබන සියලු මැතිවරණවලදී ග්‍රාම නිලධාරින් සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසය පලුදු කරන සහ අවිශ්වාසය ඇති කරන ආකාරයේ ප්‍රචාරක දැන්වීමක් වන මෙය වහාම තහනමට ලක් කොට ප්‍රචාරය වළක්වන ලෙසත් අදාළ අපේක්ෂකයාට සහ ඔහු නියෝජනය කරන පක්ෂයටත් අවාවාදයක් කරන ලෙසත් මින් ඉදිරියට මෙවන් දෑ සිදු නොවන ලෙස වග බලා ගන්නා ලෙසට දන්වන ලෙසත් මැතිවරණ කොමිසම වෙතින් මෙම පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය ඉල්ලා තිබේ.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Thilina Friday, 08 November 2019 05:52 PM
පේන විදිහට අන්තිම දවස් ටිකේ කට්ටිය වියරු වැටිලා වගේ.. ඊයේ අළුත් සූට් ඇඳගෙන ජාතිය ඇමතුවා. අද ග්‍රාම සේවකලා අල්ලගෙන.. හෙට ඉස්කෝලේ ළමයි දාලා ඇඩ් එකක් කරයිද දන්නේ නැහැ.. එයාලගේ ඡන්දත් මට කියලා....
චමින්දSaturday, 09 November 2019 01:12 AM
ඉස්කෝලේ ළමයි දාගෙන කටයුතු කරන්නේ පොහොට්ටුවේ අය කියලා නැවත් කියන්න අවශ්‍ය නැහැ නේද?
MaheeSaturday, 09 November 2019 04:23 AM
ඒකනේ තිළිණ, අම්ම අප්පා හරි කමක් නෑ ඇඩ්වලට දා ගන්නවා මොකක් හරි වාසියක් ලැබෙනවා නම්. බලයට ආවොත් ඉතින් ඔය කියන ස්වාධීන රාජ්‍ය සේවය නෑ. දේශපාලන වහල්කම් කරන්න වෙනවාමයි. ඒත් යකුනේ හිටහල්ලකෝ එතකන් වත් නිලධාරීන් දැන්වීම් වලට දා ගන්නේ නැතුව...
BandareSaturday, 09 November 2019 06:27 AM
මහත්තුරු දැක්කෙ නැතෙයි. එක අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක දැන්වීමක් යනවා...
lalithmSaturday, 09 November 2019 07:22 AM
ඔය ඔක්කොම වැරදි අනිත් අයත් කරනවා. මේ අය ඉතින් ටිකක් විතර වලව්වට ආදරේ වැඩි වගේ. ඒ හින්දා අකමැති කෙනාට විරුද්ධව පැමිණිලි කරනවා.
samanSaturday, 09 November 2019 06:31 AM
සමහරු පරාජයෙන් වියරු වැටුණහම තමන් කරන්නේ මොනවද කියලා තමන්ම දන්නේ නෑ. එ්කයි ඔය නීති විරෝධී වැඩ කරන්නේ...
solias Saturday, 09 November 2019 02:29 AM
2015 පංචවිධ ක්‍රමය ගැන අපි දහසක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. අද පංචවිධ ක්‍රමය ගැන ඇහෙන්නේවත් නැහැ. ඒ කියන්නේ පංචවිධ ක්‍රමය ඉවරයිද?
samanwimalaSaturday, 09 November 2019 05:58 AM
දැන් තියෙන්නේ පච විධි ක්‍රමයනේ...
Suranjith Saturday, 09 November 2019 04:21 AM
ඡන්දය දිනන්න බැරි අය තමයි කුඩුකාරයන්, හොරුන්.. දුප්පතාගේ හිතවතාට සහයෝගයට මේ රටේ දුක්විඳින මිනිසුන් පෙළ ගැසී ඇත..