(රංජන් කස්තුරි)
රටපුරා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිරිකිරීමේ ව්‍යාපෘතියේ මැනුම්කටයුතු සිදුකිරීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි එම ටෙන්ඩරයට ඉල්ලුම් කළ සමාගම සඳහන් කරයි.
දිස්ත්‍රික්ක 15 කම මාර්ග මැනීමේ කටයුතු සහ සැලසුම් කටයුතු එකම සමාගමකට ලැබීම පිළිබඳව සැකයක් මතුවන බවද එම ටෙන්ඩර 30 ලබාගත් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු අතර යම් සබඳතාවයක් පවතින බවටත් සැකයක් මතුවන බවද එම සමාගම කියයි.
නව රජයේ වැඩපිළිවෙළකට අනුව රටපුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිරිකිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට අවශ්‍ය මැනුම් හා සැලසුම් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබිණි.
COMMENTS
සංවර්ධනේ කියලා ඉස්සර යටිමඩි ගහපු උදවිය ආපහු එලියට බැහැලා වගේ. උණපුරුකේ දැම්මත් බලු නගුට දිග අරින්න බැහැ කියලා කතාවකුත් තියනවා නේද? මෙතැනදී තියන තවත් ප්‍රායෝගික කාරනාවක් තමා සියලු මැනුම් කටයුතු එකම ආයතනයකට ලබා දීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිපල. දැනුවත්වනම් කිසිම පෞද්ගලික ආයතනයකට මෙවැනි මිනුම් කටයුතු කිරීමට පහසුකම් නොමැත. එනමුදු මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සතුව පමණක් පහසුකම් ඇතැයි සිතමි. ඉතින්... රාජ්‍ය මුදල්.?
ඡන්දෙට වියදම් කරන්න සල්ලි හොයාගන්න කරන වැඩ. මේ අයට ඔය වගේ වැඩ ගොඩක් පුරුදුයි. 2015 ජනාධිපතිවරණයට කලිනුත් ඔය වගේ වැඩ කලා.
ග්‍රාමීය මාර්ග ඉඳි කිරීම කියලා මේ මැනුම් කරන්නෙත් ඉඩම් ඔප්පු කඩිනමින් දෙන්න ලංකාවේම ඉඩම් වල තොරතුරු එකතු කරන එකේ අනිත් එක. එම්සීසී ගිවිසුමට අවශ්‍ය අඩුමකුඩුම ටික ඉතා වේගයෙන් එකතු කරගෙන යනවා.