IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගර්භාෂය වෙනුවට අතක් ඉවත් කළ සිද්ධිය ගැන පරීක්ෂණයක්

(රංජන් කස්තුරි)

ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පරීක්ෂණ ඒකකයේ විශේෂඥ කණ්ඩායමක් එම රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වයස අවුරුදු 78 ක කාන්තාවක් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇතිවූ අවධානමක් හේතුවෙන් ඇගේ එක් අතක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි.



අදහස් (35)

ගර්භාෂය වෙනුවට අතක් ඉවත් කළ සිද්ධිය ගැන පරීක්ෂණයක්

මුස්ලිම් මල්ලී Wednesday, 07 August 2019 03:35 PM

දොස්තරලා දැන් හොඳටම බයවෙලා තියෙන්නේ... ගර්භාෂය දිහා බලන්නේවත් නෑ. මොකද ඩාෙක්ටර් සාෆිට වෙච්ච බොරු බේගල්වලට ඉතින්...

:       3597       1122

BamunuarachchiWednesday, 07 August 2019 05:36 PM

පට්ට හොර වැඩ තමයි වෙන්නේ...

:       6       61

mohammed RizanThursday, 08 August 2019 04:59 AM

ජෝර්ක් කතා කියන්න එපා. සාෆි කියන්නේ කවුද කියලා ජනතාව දන්නවා. එයාගේ බෑන්ක් ගිණුමට කෝටි ගණන් සල්ලි අාවේ කොහොමද? සාෆි නිසා ගොඩක් අම්මලාට දරුවන් නැහැ. අැත්ත කතා කරන්න.

:       78       142

Prabha Wednesday, 07 August 2019 03:42 PM

අවදානමක් වළක්වාගන්න අතක් කපා ඉවත් කරයි. ගර්භාෂය හා අත අතර ඇති සම්බන්ධය කුමක්ද?

:       0       126

චමින්දThursday, 08 August 2019 01:13 AM

රා බීමට කිතුල් ගහට නැග්ග මිනිහාත් කිව්වලුනේ තණකොල ටිකක් කපාගන්න ගියා කියලා. තවත් පුවතක තිබුණා ඉවත්කළ යුතු ශරීරාංගය කියල තිබුනේ නැහැ කියලා. වෛද්‍ය නිර්දේශ දෙනවිට ශරීරාංගය කුමක්ද නොකියා ඉවත්කරන්න පමණක් කියනවද? එහෙම නම් මේ කට්ටිය මහදැනමුත්තගේ ගෝලයින් වගේ කියන්න පුළුවන්...

:       40       46

පෙරුමාල්Thursday, 08 August 2019 06:37 AM

රජයේ වෛද්‍ය නිලධාරින්ගෙ සංගමයෙන් ඇහුවොත් මෙහෙම කියයි. “ඒ කාන්තාව වෛද්‍ය වරයෙකුට අතින් පහර දෙන්න හැදුවා ඒ නිසා ඒ අත කපා ඉවත් කලා“

:       69       110

චමින්දThursday, 08 August 2019 12:08 PM

ඒකනම් සහතික ඇත්ත.

:       0       28

අබේවර්දන Wednesday, 07 August 2019 04:29 PM

අනේ මන්දා, කුරුණෑගල කට්ටිය මාරවිල යයිද? මහනුවර උපවාස කරයිද?

:       56       178

BamunuarachchiWednesday, 07 August 2019 05:44 PM

සිංහලයින්ට ප්‍රශ්නය මුස්ලිම් ඇමතිවරුන් නොවෙයි.. ඔවුන් පන්නා ගැනීමට කළ උපවාසය.

:       120       154

dasa Wednesday, 07 August 2019 04:41 PM

ගර්භාෂ ඉවත් කරලා නැති ලෙඩ දාගන්නේ මොකද? අතක් කපල දැම්මම වැඩේ ගොඩ...

:       1251       249

kavantissa Wednesday, 07 August 2019 04:59 PM

ඔය පැලපීයන් කියන එකට හාමුදුරුවරු පැටලුනේ මොකද?

:       4       74

BamunuarachchiWednesday, 07 August 2019 05:41 PM

සාෆි පෙකනිවල කපනවා වෙනුවට පැලෝපීය නාලය කපලනේ..

:       147       701

KamalThursday, 08 August 2019 02:16 AM

සෘධියෙන් ලෙඩ කියන නාරි රෝග වෛද්‍ය බමුණුආරච්චි..

:       0       65

Anti-BamunaThursday, 08 August 2019 03:21 AM

ආන්.. කපුවා කියපු අය ගැබ් අරගෙනලු... තවමත් ඉතින් උඩුබුරනවා.

:       1       53

SamanThursday, 08 August 2019 04:57 AM

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි විසින් තමන්ව වඳ භාවයට පත් කරන ලදැයි පැමිණිලි කළ මවුවරුන් දෙදෙනෙකු මේ වනවිට තමන් ගැබ්ගෙන සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. එම මවුවරුන් අධිකරණ නියෝගය පරිදි වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ව දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේදී ඔවුන් මේ බව දැනුම් දී ඇත.

:       7       27

BamunuarachchiFriday, 09 August 2019 03:17 AM

මුසල්මානුවන් සතේකට විශ්වාස කරන්න එපා.. ජාතිය සම්බන්ධව කෙරෙන වැඩවලදී...

:       0       0

[email protected] Wednesday, 07 August 2019 07:01 PM

දැඩි සත්කාර ඒකකයේ සිදුකරන ප‍්‍රතිකාරයන් කරන අතරතුර ජූලි 24 වැනිදා එම අකර්මණ්‍ය අත සිරුරෙන් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදුකෙරුණා. ඒ රෝගියා තුළ පැවැති ජීවිත අවදානම සමනය කිරීම සඳහායි. මෙම අවසන් ශල්‍යකර්මය සිදුකර මේ වනවිට දින 14ක් ගතවී ඇති අතර, තවමත් රෝගී කාන්තාව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර, ඇගේ තත්වය යහපත් අතට පත්වෙමින් පවතී.

:       2       1633

ටි ඉන්දික Wednesday, 07 August 2019 09:05 PM

සයිටම් එපා... ප්‍රමිතියක් නෑ කියලා උද්ඝෝෂණය කළ ප්‍රමිතිගත වෛද්‍යවරු තමයි කරලා තියෙන්නේ..

:       1       66

ලුම්බිණි Thursday, 08 August 2019 12:30 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොකද කියන්නේ? මේකටත් සයිටම් එකට වැරදි කියනවද? එහෙම නැත්නම් වර්ජනයක් පටන් ගන්නවද? මේක වුනේ ලෙඩාගේ වරදින් කියලා...

:       3       10

Saman Thursday, 08 August 2019 01:51 AM

"කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි විසින් තමන්ව වඳ භාවයට පත් කරන ලදැයි පැමිණිලි කළ මවුවරුන් දෙදෙනෙකු මේ වනවිට තමන් ගැබ්ගෙන සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. " ... මේක ඇත්තද?

:       0       2

Mahee Thursday, 08 August 2019 02:46 AM

යකෝ, මේ දොස්තරලාට බැරිද ඔය රිමාන්ඩ් කරපු හැටියේ ලෙඩවෙන ලොක්කන්ගේත් ඔය විදිහට වෙන අවයවයක්වත් ඉවත් කරලා දාන්න?

:       0       40

Kanchana Thursday, 08 August 2019 03:01 AM

හරිම කණගාටුදායකයි. ඒ මවට මොනවා හිතෙන්න ඇද්ද සිහිය ආවම... දැඩි දඬුවම් දිය යුතුයි. නොසැලකිල්ල උපරිමයි..

:       53       43

sharm warn Thursday, 08 August 2019 03:03 AM

අර දවස් වල පණ එපා කියලා දොස්තරවරු සටන් කලේ සයිටම් නිසා අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරේ කියාගෙන දන්නා කස්තිරම් සේරම අල්ලලා සයිටම් එක වහලා දැම්මේ.. පොඩ්ඩක් හොයලා බලන්නකෝ කවුරු හරි මේ සැත්කම කලෙත් සයිටම් එකෙන් ආව දොස්තර කෙනෙක්ද කියලා.. නෑ මම මේ නිකමට කිව්වේ ඉතින්..

:       0       64

yasintha Thursday, 08 August 2019 03:36 AM

මුළු ජීවිත කාලයටම ඇයගේ සියලුම කටයුතු ඉටු කරන්න. මොකද දැන් ඇයගේ අත කපලා ඉවරයි. මහා පවක් කරලා තියෙන්නේ. ඇයට කළ අපරාධයට ජීවිතය විනාශ වෙන්න දෙන්න එපා. ඇයගේ සියලු කටයුතු සදහා වියදම් දරන්න. ඉක්මනින් සුවපත් වේවා... නීතීඥවරුනේ එම මාතාවට සතුටින් ජීවත් වෙන්න මග හදලා දෙන්න.

:       0       20

බද්රානි Thursday, 08 August 2019 03:42 AM

රෝගීන් පිළිබඳව දක්වන අවධානය පේනවනේ? මෙවැනි දේවල් යට ගසා ගැනීම සඳහා තමයි රජයේ දොස්තර මාෆියා සංගමය ක්‍රියාත්මක වන්නේ... මෙවැනි අපරාධයකටත් වගකිව යුත්තේ සෞඛ්‍ය අැමතිද? ලැජ්ජයි..!!

:       62       35

Uditha - London Thursday, 08 August 2019 03:54 AM

මොනවා කියලා කියන්නද මේවට? කියනවා නම් කියන්න දාහක් ජාති තියනවා මේවගේ වැඩවලට..

:       0       11

naushi Thursday, 08 August 2019 04:10 AM

උපවාසයට අපි සූදානම්. කෝ රතන හාමුදුරුවෝ..?

:       1       51

BamunuarachchiThursday, 08 August 2019 06:50 AM

අත කැපුවේ හම්බ දොස්තරයෙක් නම් මේ සැරේ නවතින්නේ උපවාසෙන් නෙවෙයි.

:       4       0

naushiFriday, 09 August 2019 01:18 AM

බමුණු උන්නැහේ හම්බ භීතිකාවෙන් පෙළෙනවා වගේ. මානසික වෛද්‍යවරයෙක් බලන්න ඉක්මණට.. නැතිනම් ළඟදීම අංගොඩ යන්න වෙයි.

:       0       0

BamunuarachchiSunday, 11 August 2019 08:13 AM

හම්බයින් කියන්නේ ලෝකෙන්ම් රිජෙක්ට් කරන ජාතියක්. ඇමරිකාවත් රිජෙක්ට් කරනවා. ඕස්ට්‍රේලියාවත් රිජෙක්ට් කරනවා. ඉරාකයවත් වෙන රටක අය බාර ගන්නේ නැත. එ් නිසා අපිත් ‍ඒ අයව රිජෙක්ට් කරනවා.

:       0       0

jayath Thursday, 08 August 2019 04:22 AM

මෙතන ප්‍රශ්න කීපයක් තියනවා. ලෙඩෙක් ශල්‍යකර්මයක් සඳහා ගෙනයන විට සම්පූර්ණ ඉතිහාසය , කළයුතු ශල්‍යකර්මය පිළිබඳ වාර්තාවක් තියනවා. ගර්භය ඉවත් කිරීම එහෙමත් නැත්නම් " හිස්ටර් ටෙක්ටමි " කියන එක එකක් අත ඉවත් කිරීම තවත් දෙයක් මෙතන තියන ප්‍රශ්නේ තමයි රෝගියාගේ කැමැත්ත නැතුව මොනම ශල්‍යකකර්මයක් වත් කරන්න බැහැ. එහෙම එකේ අත ඉවත් කරන්න ගිහින් මේක වුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක්...!

:       0       4

උපුල Thursday, 08 August 2019 07:43 AM

බයේ බැහැ.

:       0       1

latha Thursday, 08 August 2019 07:57 AM

කව්ද දන්නේ ගර්භාෂය තිබුණේ අතේද කියලා...?

:       0       1

බද්රානි Thursday, 08 August 2019 10:24 AM

අර කුරුණෑගල රෝහලේ පැලෝපීය නාල සිද්ධියේදී උද්ඝෝෂණය කල සමහරක් ගේ වැඩ දැකලා මටත් ඔය ටිකම හිතුනා ලතා.

:       0       1

Kal Thursday, 08 August 2019 10:52 PM

සිදුවුනේ ගර්භාෂය ඉවත් කරන ශල්‍යකර්මයට සිටි ලෙඩාගේ වෙනත් සංකූලතාවයක් වන එම්බ්ලුස් නොහොත් ලේ කැටියක් අතේ ශිරාවක සිරවී ලේ ගමනාගමනය නැවැතුණු නිසා නරක වී එය ඉවත්කිරීමට සිදුවීම. මෙය අවාසනාවන්ත සිදුවීමක්. කාටත් වන්න පුළුවන්. කාගේවත් වරදක් නොවේ. ඔබට අවශ්‍ය සත්‍ය නම් ඒ මෙය... ඔබට අවශ්‍ය බොරු කතා හා ඔබගේ උපතේ පටන් ඔබව නොයෙක් අවස්ථාවල බෙහෙත් කර ජීවත් කරවපු දොස්තරලට අවලාද නගමින් ලැබෙන අාස්වාදය නම්, එය විඳින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 229 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 732 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site