(රංජන් කස්තුරි)
ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරකට මුහුණ පා ඇතැයි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.
අවදානම් සහගත ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර එහි වගකීම යම් පිරිසකට පැවරූ නමුත් එය මේ වන විට නිසි පරිදි සිදු නොවන බව ද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රවෘත් සාකච්ඡාවකදී පසුගිය දා පැවැසීය.
අවදානම් සහගත තත්ත්වයේ පසුවන ගර්භණී මාතාවන් ලබන අගෝස්තු මාසයේ මැද සතියෙන් පසුව කොරෝනා ආසාදිතව මිය ගියහොත් එහි සම්පූර්ණ වගකීම එන්නත් වැඩසටහන පැහැර හැර සිටින නිලධාරීන් බාරගත යුතු බව ද එහිදි හෙතෙම කියයි.
COMMENTS
මේහි සදහන් විස්තර අනුව අදාළ රාජකාරිය පවරා ඇති නිලධාරින් තම වගකීම්, යුතුකම් පැහැර හැර ඇති බව ඉතාමත්ම පැහැදිලිය. එම අදාළ නිලධාරින් නුදුරේදීම අතොරක් නැති නිදහසට කරුණු කාරණාද මාධ්‍යයට ඉදිරිපත් කරනු නියතයි. එනමුත් එකදු ගර්භනී කාන්තාවක් මියගිය හොත් මේ සියල්ලෝම තම සිතින් වදවිඳිනු ඇත. අනේ අපි අපේ රාජකාරිය, වගකීම් පැහැර හැරිය නිසා මෙලොව දැකීමට සිටි දරු පැටියකු, පැටව් සමග මවක්, මව්වරු මියගියා යන පාප කර්මයට අත ගසා ඇත.