(සිතුම් චතුරංග)
මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා නව සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමේදී අද (16) සවස මුලතිව් පොලිස් නිලධාරීන් එහි පැමිණ සවිකර තිබූ කැමරා සියල්ල ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරියෙක් පැවසීය.
විවිධ අන්තවාදී පිරිස් විසින් විහාරය වෙත සිදුකරන බලපෑම් හා විහාරයේ ආරක්ෂාව සඳහා විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ මෙම කැමරා සවිකිරීම ආරම්භ කළ බව එම නිලධාරියා පැවසීය.
කැමරා සවිකරමින් සිටියදී පැමිණි පොලිස් නිලධාරීන් පන්සල භාරව සිටි තාවකාලික භාරකරු වෙත බලපෑම් කර සවිකළ කැමරාද ගලවා දමා ඇත.
සිද්ධියට පිළිබඳ අදහස් දැක්වූ ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ තාවකාලික භාරකරුවූ කැළුම් බණ්ඩාර මහතා මෙසේ පැවසීය,
‘‘ලොකු හාමුදුරුවෝ පිරිවෙනේ වැඩකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාරය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා සවි කරමින් ඉන්නකොට මුලතිව් පොලිසියේ නිලධාරීන් පිරිසක් ආවා. ඇවිල්ලා කිව්වා පන්සලේ සීසීටීවී කැමරා සවි කරන්න බෑ කියලා. වහාම සවි කරපුවා ගලවන්න කියලා. මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා.
දැන් විහාරයේ සවි කරපු කැමරා ටික ගලවලා තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. ඒක හින්දා තමයි ලොකු හාමුදුරුවෝ පන්සලේ සීසීටීවී කැමරා සවි කරන්න කියලා කිව්වේ. ඒත් දැන් ඒකට පොලිසියත් බාධා කරනවා" යැයි වැඩිදුරටත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නඩු විභාගයත් අහෝසි වී තිබෙන අවස්ථාවක පූජා භූමියක සීසීටීවී කැමරා සවිකිරීමට නොදීම ගැටලු සහගත තත්වයක් බවත් මුලතිව් පොලිසිය දේශපාලඥයින්ගේ උපදෙස් මත මෙම විහාරස්ථානයට දිගින් දිගටම බලපෑම් සිදුකරන බවත් විහාරයේ දායක සභා ක්‍රියාකාරියෙක් පැවසීය.
මීට දින කිහිපයකට ඉහතදී විහාර භූමියේ පවතින කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු පිරිසක්ද විහාරයේ භාරකරු වෙත තර්ජනය කළ බව විහාරස්ථ දායක සභාව වැඩිදුරටත් පැවසූහ.
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ගුරුකන්ද විහාරයේ සීසීටීවී ගලවන්නැයි මුලතිව් පොලිසියෙන් නියෝගයක්
Purawasiya Wednesday, 16 October 2019 04:36 PM
කොන්ද පණ නැති නායකයන් පත් වුණාම රටට වෙන හානියක්...
Gamage Thursday, 17 October 2019 01:35 AM
ඔබ කියන විදියට අණ්ඩුවට කොන්ද පණ නැහැ කියලා මම පිලිගන්නවා. හැබැයි විපක්ෂ නායකයා ටීවී එක ඉස්සරහට ඇවිල්ලා පපුවට ගහගෙන කැගහනවා රට, ජාතිය, ආගම වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි කියලා. එ්ත් මේ වෙලාවේ එතුමා ඇඳ යට හැංගිලා. ඔබ ඉස්සල්ලා මහින්දට සහ ගෝඨාභයට කියන්න මේක වෙනුවෙන් කතා කරන්න කියලා...
IndikaThursday, 17 October 2019 04:14 AM
මොන ගොන් කතාවක්ද. විපක්ෂ නායකද මේකට කතා කරන්න ඕනේ? එතකොට ආන්ඩුව තියෙන්නේ මොන මගුලකටද ? සන්ස්කෘතික ඇමති වෙස් වලාගෙනඇවිද ඇවිද ඉන්නවද දන්නේ නෑ.
ramanThursday, 17 October 2019 04:18 AM
අයි බුද්ධ ශාසන ඇමති. එයා පඩි ගන්නේ මොකටද?
darmasenaThursday, 17 October 2019 04:46 AM
එතකොට මහින්දද තාම පොලිසියට උපදෙස් දෙන්නේ
KrishThursday, 17 October 2019 04:48 AM
ඔබ කොහෙද හිටියේ පහුගිය ටිකේ. මහින්ද කි පාරක් මාධ්‍ය ඉස්සරහ ඔය ගැන කතා කරාද. පන්සල ගැන. කැමරා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 17 October 2019 05:39 AM
ගුරුකන්ද පන්සලට සීසීටීවී කැමරා තහනම්, කුරගලට විදුලිය තහනම්, දබුල්ලට පින්කැට තහනම්, දළදා පෙරහරට අලි ඇතුන් තහනම්. මේ ආණ්ඩුව තව අවුරුදු දෙක තුනක් ගියොත් බුර්කාව පමණක් නීතිගත කරලා හාමුදුරුවන්ට කොලපාට නිල ඇදුමක් අදින්නට නීතියක් ගෙනාවොත් කවුරුත් පුදුම වෙන්න එපා.
siriwansa silvaThursday, 17 October 2019 05:58 AM
පුදුම නීතියක් නේ මේක. ඒකටත් විපක්ෂය වගකියන්න ඕනේ. ආණ්ඩුවේ අයට ඡන්දෙ විතරද ඕනේ.
මුණසිංහ Wednesday, 16 October 2019 04:37 PM
මාර නීතියක්නේ උතුරට විතරක් තිබෙන එකක්ද? නැත්නමි එල්ටීටීඊ පොලිසියද?
anura Wednesday, 16 October 2019 04:51 PM
හා හා එතකොට ගුරුකන්ද ගැන කතා කිරීමත් තහනම් ද නැතිද ?
PrabhaWednesday, 16 October 2019 06:06 PM
ගුරුකන්ද ගැන මේ වෙලාවේ කතාකරන්න කවුරුත් නැහැ..
අමිල ටෝකියෝ Wednesday, 16 October 2019 09:51 PM
මේවා ඇහෙද්දි, පෙනෙද්දි කොහොමද පාඩුවේ ඇස් කන් නෑ වගේ ජීවත් වෙන්නේ. එක අතකින් පිටරටක ඉන්න එකම හොඳයි කියලා හිතෙනවා. නමුත් තවදුරටත් එසේ කළ හැකිද කියන සිතුවිලි හිතට වදදෙනවා..
රාජුන් Wednesday, 16 October 2019 11:28 PM
මේ ක්‍රියාව මානව හිමිකම් අමු අමුවේම උල්ලංගනය කිරීමක්. තමාගේ දේපොල ආරක්ෂා කිරීමට හැකි සෑම දෙයක්ම, අන් අයට කරදරයක් හානියක් නොවන ලෙසට, කළ හැකි බව අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. මට තිබෙන ප්‍රශ්නය නම් කවුද පොලිසියට අවසර දුන්නේ කියා.
ලුම්බිණි Wednesday, 16 October 2019 11:56 PM
සීසීටීවී වල තිබෙන ප්‍රශ්නය මොකද්ද? දෙගොල්ලම සීසීටීවී හදා ගත්තම ඉවරයි නේ. පන්සලත් කෝවිලත් එකතු වෙලා මේක විසඳ ගන්න උත්සාහ කරන්නේ නැත්තේ මොකද?
shafeekThursday, 17 October 2019 04:33 AM
අනිවාර්යෙන්ම….. මොන හේතුවකටද මන්ද අපේ මිනුස්සු මේ විදිහට ප්‍රෙහේලිකා ඇතිකරගන්නේ, ජයවඩනගම පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ ගිලන් වුනාම මුස්ලිම් පල්ලියේ ඉරිදා පල්ලි එන ළමුන්ව යවනවා ඇප උපස්ථාන වලට, උන්වහන්සේ අපවත් උනාම ගමේ සෙල්ලන් කරන පිට්ටනියේ තමා චිතකේ හදන්නේ. මොනතරම් ආපුරුද ….
sunil Thursday, 17 October 2019 12:04 AM
සීසීටීවී තියෙනවට බය වෙන්නේ ආයෙමත් පන්සලට කඩන පනින්ට බලාගෙන ඉන්න අයයි.
Bamunuarachchi Thursday, 17 October 2019 01:26 AM
පන්සල භාර හාමුදුරුවෝ පිරිවෙනකට ගොස් මොන බම්බුවක් කොරනවද පන්සලට වැඩම කරලා වගකීම අරගෙන කටයුතු කරන්නේ නැතිව. මේ පාදඩ දේශපාලුව සින්හලයාව බලු කරලා. මේ උසාවියේ නඩු අහන්නේ දෙමලෙන් විතරලු. යකෝ මේක දැනටමත් රනිල් දේමාළුන්ට බෙදලා දීලාද? මට මතක් වෙන්නේ 1957. දැනුත් ඒවගේ වැඩකරන්න සිංහලයෝ බයද. මට මතක විදිහට ගල්ඔය වැඩකරපු සිංහලයෝ බුරුතුගණන් උතුරට ගියේ මුන්ට වග කියන්න.
Kushal Thursday, 17 October 2019 01:30 AM
කොළඔ තිබෙන ඔක්කොම කෝවිල් වලින් දෙමල මිනිස්සු ඉවත් කරන් යන්න කෙමතිද
Indhika Thursday, 17 October 2019 01:37 AM
පුදුම කුරුහරුපයක් නේ මේක. ගෙවල වල හයි කරද්දීත් ගලවනවද? මේකට දේශපාලකයෝ විතරක් නෙවේ. ලංකාවේ බෞද්ධයෝ ඔක්කොම වග කියන්න ඕනේ. බොරුවට කෑගහනවා. නමුත් පැත්ත පළාතේ යන්නේ නැහැ. රට වටේ විනෝද චාරිකා යන වෙලාවේ යන්නකෝ පොඩ්ඩක් ඔලුව දල යන්න එන්න. පන්සල පාලුවට යද්දී වටේ ඉන්න උන්ගේ කටවල් කොහොත් බලවත් වෙනවා.
ranjith Thursday, 17 October 2019 02:21 AM
මේ රටේ පාලකයෝ නැතිද? පන්සලක් වත් නිදහසේ තියාගන්න බැරි රටක්...
lalithm Thursday, 17 October 2019 02:26 AM
පුද්ගලික ස්ථානයක කටයුතුවලට පොලිසියට බලපෑම් කරන්න බැහැ නේද? මෙම ස්ථානය රජයට අයත් ඉඩමක්ද?
sunil perera Thursday, 17 October 2019 02:32 AM
මේකට එක පිළියමයි තිබෙන්නේ... මේ බලය බෙදීම අපට කොතරම් අහිතකරද යන්න මෙයින් මනාසේ පැහැදිලි වෙයි. මේ කුඩා දිවයිනට 9000කට අධික මන්ත්‍රීවරු අනවශ්‍යයි. මේ ආකාරයේ අනීතික වැඩ නිසා වහාම බලය පෙර තිබූ පාලන බල ක්‍රමය ක්‍රියාත්මක විය යුතුයි. උතුරු, නැගෙනහිර යනු අනාගත ලංකාවේ ආයෝජන කලාපයයි.
krishantha Thursday, 17 October 2019 03:01 AM
කොන්ද පන තියන නායකයෙක් පත්කරගන්න ඒ වගේ ජනතාවකුත් ඉන්න එපාය ඉතින් . කොහෙද ටකරන් , සිමෙන්ති , ප්ලාස්ට්ක්. පුටු ඔක්කොටොම වඩා ලොකුනෙ .
Senarath Thursday, 17 October 2019 03:39 AM
පොලීසිය හදන්නේ උතුරේ දේශපාලුවන්ට ඕනේ විදියට පන්සල විනාසකරන්න ඉඩහදා දන එක. කැමරා ටික ගලවල දැම්මම සාක්කිත් නැහැනේ. ඒ වුනාට සජිත් ගේ කතාව කොහොමද ? මේ වෙන විනාසේ ගැන කටක් අරින්නේ නැහැ.
bandusenaThursday, 17 October 2019 04:47 AM
සංස්කෘතික ඇමති සජිත් බව අමතකද
indikaThursday, 17 October 2019 07:41 AM
පුරා විද්‍යාව අයිති සංස්කෘතික ඇමතිට. අනිත් එක පන්සල් වලට අච්චර කරා, මෙච්චර කරා කියන්නේ ඇයි දන්නේ නෑ එතකොට... පන්සල් එයාට අයිති නැත්තම් එය එහෙම කරන්නේ කොහොමද?
Bandula. Thursday, 17 October 2019 03:46 AM
නොදකින් කොන්න්දක් නැති පොලිස්කාරයෝ එක එකාගේ කටු කෑවට කමක් නැහැ මේක අපේ රට, මහා ලොකුවට ගිරිය පුප්පගෙන කෑගහන උන්ට කියපිය මෙහෙමද බුද්ධාගමට මුල්ල තැන දෙන්නේ හෙනහතම වදින්න ඕනෙ.
Soma dubayi Thursday, 17 October 2019 06:42 AM
යහපාලනය රජය සාමය සංහිදියාව ඇති කරා. ඒක නැති කරන්න දෙන්න බැහැ.
සෙනෙවිරත්න Thursday, 17 October 2019 06:50 AM
අනේ මොකටද ජනපදනමක් නැති තැනක පන්සල් අටවලා හැම ප්‍රශ්නෙටම මුල ඒකයි
සේන Thursday, 17 October 2019 06:53 AM
ඉතා පැහැදිලියි. පොලීසිය වැඩ කරන්නෙ කාට ඕන විදිහටද කියලා. ඔහොම යමු ඔහොම යමු. සියල්ල හරි මගට වැටෙන කාලය ළඟයි. සම්‍යයක් දෘෂ්ටියක දෙවියන් පවා කම්පා වෙලා ඉන්න යුගයක්.
siri Thursday, 17 October 2019 07:18 AM
ගමගේ මහත්තයෝ,.. මැරිලා ඉපදිලද කතා කරන්නේ? විපක්ෂ නායකයෙක් ගැන කතා කරන්න නම් මොන මගුලකටද ආණ්ඩුවක්? දැන් ඔය ආණ්ඩුවේ වෙන්ඩ ජනාධිපති බෙරිහන් දෙන්නේ. සංගායනාවක් ගැන කියලා. එයා කියන අර මොකක්ද මුඛයෙන් මේ ගැන කතා කළොත් නේද හොඳ?
Jayantha Thursday, 17 October 2019 07:50 AM
මේකට මොකුත් කියන්න එපා. මොකද “අපේ සංහිදියාවට " බාධා වෙයි. කෙලින් තීරණ ගන්නේ නැහැ.
Sisira Perera Thursday, 17 October 2019 08:00 AM
බලය බෙදුවොත් ඔය ප්‍රශ්න අඩුවෙයි.
damith Thursday, 17 October 2019 03:08 PM
මේ ලැජ්ජාවක් නැති පොලිස් කාරයන් සිංහලද?