(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලකයන් ඇතුළු පිරිසක් විහාර භූමියේ ඇති කෝවිල වෙත පැමිණ අද (11) පූජාවක් සිදුකළ බව විහාරයේ දායක සභාව පවසයි.
උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත් කරමින් තර්ජනය කර කෝවිලේ පූජාවක් කිරීමට උත්සහ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විහාරයේ තාවකාලික භාරකාර කැලුම් බංඩාර තරුණයා පවසා සිටියේ වර්තමාන විහාරාධිපති නාහිමියන් පන්සලේ නොසිටි බවත් තමන්ට තාවකාලිකව විහාරය බලා ගැනීමට පවරා ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවයි.
අද (11) රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පූජාවක් කරමින් සිටින අවස්ථාවේ කෝවිලේ පිරිසක් පැමිණ තමන්ට පහරදෙන බවට තර්ජනය කළ බවත් ඒ අතර රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්ද එහි සිටි බවත් එහිදී තමන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බවත් එම තරුණයා පැවසීය.
එම අවස්ථාවේදී විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා සිටි බවත් එම තරුණයා වැඩි දුරටත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධයන් මොන කෙහෙල්මලකටද පන්සලේ දේවාල කෝවිල් හදන්නේ..? බොහෝ පන්සල්වල බුදු මැදුරට වඩා දේවාලයට ඉහළ තැනක් දීලා තියනවා. ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් ඒවායේ ආවතේව කරනවා. බුදු මැදුරට ඒ සැලකිල්ල නෑ. වගකිවයුත්තේ බෞද්ධයින්ම මිස අන්‍යාගමිකයින් නොවේ...
අපටත් රජෙක් බිහිවනතුරු නටපල්ලා...
කොන්ද නැති පාලකයන් ඉන්නකන් ඔහොම නටපල්ලා. තව දින 35 යි...
සමහර කාලකන්නි මේකත් උන්ගේ බංකොලොත් දේශපාලනයට ගාවාගන්න හදනවා. වැලේ වැල් නැතුව ඉන්න ගොන් වහල්ලු අපවත් වී වදාල මහා නාහිමියන්ගේ දේහයත් විකුණන් කෑවා. ඒත් මේ අයගේ නායකයන් වෙන්න ඉන්න අවස්ථාවාදී බඩගෝස්තරයන් පල්ලි ගානේ ඡන්ද හිඟාකනවා. එහෙම අයටද රජවරු කියන්නේ?
ජාතිවාදීන්ට ඉඩදෙන්න එපා. යුද හමුදා ඒකකය තිබෙන්නේ පාරේ අනෙක් පැත්තේ නේද? ඔය එක එක බංකොලොත් දේශපාලුවන්ට බයවෙන්න එපා.
ආරක්ෂාවට බල්ලන් ගත්තා නම් මීට වඩා හොඳයි.
නියම බුදු වදන් පිළිපදින අය හැටියට දැන් අප කලයුත්තේ කුමක්ද කවුරු හරි මට පහදා දෙන්න
දුක හිතෙනවා පොලිස් නිලධාරීන්ට ඇගිල්ල දික් කරලා කනට ගහන්න වගේ කතා කරන හැටි දැක්කම .අපොයි පාලකයෝ රටට කල විනයක්
මම මගේ ජන්දය දෙන්න පෙර දෙපාරක් සිතමි.
එජාපයෝ දෙමළ ඡන්ද බලාගෙන සිංහලයව පාවාදෙනවා. සිංහලයනී මේවා ගැන හිතන්න. නුඹලාට තිබෙන්නේ මේ රට පමණි. දෙමළ අයට ඉන්දියාව තිබෙනවා. මුළු සිංහල ඉතිහාසයම මකා දමන්න එජාපයෝ දෙමළ අයට පොරොන්දු වෙලා තිබෙනවා.