
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වසර ඇතුළත පමණක් අලුතින් පොලිසි 97ක් විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
ඒ අතුරින් පොලිසි හැට හයක් මේ වන විටත් විවෘත කර තිබෙන බවද වීරසේකර මහතා සඳහන් කළේය .
පසුගිය ආණ්ඩුව යටතේ නව පොලිස් ස්ථාන 55 ක් අලුතින් අරඹා තිබෙන බවද වීරසේකර මහතා සඳහන් කළේය .පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ (පො.පෙ)මහතා ඉදිරිපත් කර ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් සරත් වීරසේකර මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගමකම සාමය රකින තැනක් තියෙනවා ... නමුත් ඒ අය පොලීසියට බයයි.
ප්‍රශ්නයට මූල බීජවන හේතුව නොසොයා ළඟම විසඳුම දීම ප්‍රතිපත්තිය වූ කල... පොලිස් ස්ථාන ඇරීම හැර කිනම් විසඳුම්ද..?