(අජන්ත කුමාර අගලකඩ)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ලබන මස 6 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය. විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය
ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉකුත්දා භාර දෙනු ලැබූ අතර ඊට මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් කර ඇත .
මෙම විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.