IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

(සුජිත් හේවාජුලිගේ)

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත .

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ලබන මස 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කිරීමට නියමිතව ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය .

විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමෙන් පසුව යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත .

ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙසේ ඇතුළත් කරනු ලැබ ඇත්තේ පසුගිය 23 වැනිදා දාතමින් නිකුත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයටය.

විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු දින සිට දින පහක් ගත වූ පසු ඕනෑම දිනක එම යෝජනාව විවාදයට ගැනීමට ස්ථාවර නියෝගවලට අනුව හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 



අදහස් (4)

ගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

Bamunuarachchi Monday, 28 June 2021 06:28 PM

2030 වෙනකන් ඕක කල්දාන්න...

:       25       2

Ranil Monday, 28 June 2021 08:48 PM

මෙයා ඕස්ට්‍රේලියන් පුරවැසියෙක්...

:       10       42

BamunuarachchiWednesday, 30 June 2021 07:21 AM

ඉතින් මොකක්ද ප්‍රශ්නය?

:       0       0

මුණසිංහ Tuesday, 29 June 2021 07:07 AM

අපේ සල්ලි වලින් පාර්ලිමේන්තු ගිහිල්ලා 225ක් නාඩගම් නටනවා. ඔයිට වඩා වැදගත්කමක් ඇති දේවල් වලට කාලය යොදවන්න බැරිිද? නාඩගම් මඩුවට ගිහිල්ලා සැප විඳිමින් ඉන්නවා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site