IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පහ සමෘද්ධිලාභීන්ට වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම

( තිලකරත්න දිසානායක.)

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ජනතාවට නගරයට නොපැමිණ නිවාසවලට පැමිණ වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළ මත සමෘද්ධිලාභීන්ට මාසික සහනාධාරයෙන් අඩුකර ගැනීම යටතේ ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත.
 
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවත් ජනතාව රැස්වීම අවම කිරීමේ අරමුණින් මෙය මේ වනවිට ක්‍රියාත්මක කොට ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය. 
 
වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් උරයක් රුපියල් 500 සහ රුපියල් 1000 බැගින් වන මිලකට ගම් මට්ටමින් නිවෙස් අසලට ගොස් ලබා දෙන අතර සමෘද්ධි සහනාධාරය ලබන අඩු ආදායම්ලාභී පවුල් සදහා සමෘද්ධි නිලධාරීන්ගේ අධීක්ෂණය මත ඔවුන්ගේ මාසික සහනාධාරයෙන් අඩු කර ගැනීමට යටත්ව ලබාදීමට පියවර ගෙන ඇති බවත් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ සමූපකාර සමිති ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින්  අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.  
 
මෙම සාකච්ඡාවට මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර, ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල , ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක, සමූපකාර සමිතියෙහි සභාපති පී.කේ.විජයලත්,  එහි සාමාන්‍යාධිකාරී සුගත් සමරසිංහ සහ මිනුවන්ගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් යන මහත්වරු සහභාගි වී සිටියහ. 



අදහස් (0)

ගම්පහ සමෘද්ධිලාභීන්ට වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site