
( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කිසිදු හේතුවකින් තොරව රාගම රෝහලට මාරු කිරීමට එරෙහිව අද (18) දහවල් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවයක් පැවැත්වූහ.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ ආගමික නායකයින් පිරිසක්ද සහභාගිවී සිටි අතර පහළගම සෝමරතන නාහිමියන් ප්‍රකාශ කොට සිටියේ රෝහල් අධ්‍යක්ෂවරයාටද විශාල ශක්තියක් වෙමින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම පිනිස දැඩි කැපවීමකින් කටයුතු කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු නොකරන ලෙසට ඉල්ලීමක් කර සිටින බවය.
මෙහිදී අදහස් දැක්වූ ගම්පහ රෝහල් පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ මහතා සදහන් කර සිටියේ, පසුගිය කොරෝනා සමයේ රෝගී සත්කාරක කටයුතු වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කරමින් සහ මෙම රෝහල සීග්‍ර යෙන් දියුණු මට්ටමකට පත් කිරීමට පියවර ගත් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කිසිදු හේතුවකින් තොරව ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත් මෙම වෛද්‍යවරයාගේ සේවය තවදුරටත් ගම්පහ රෝහලට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙම අවස්ථාවට රෝහල් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක්ද , නාගරික මන්ත්‍රීවරුන්ද , රෝහල් පදනම ඇතුලු ප්‍රජාවද එක්ව සිටි අතර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ සේවය තවදුරටත් ගම්පහ රෝහලට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.