
( ගම්පහ තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානම නිසා ගම්පහ නගරයට ජනතාව පැමිණීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.
මෙම කාලසීමාවෙහි අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයන් කරා පැමිණීමෙන් වලකින ලෙසත් සංචරණය සීමා කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අංශ සහ පොලීසිය මගින් දැනුවත් කිරීම සැලකිල්ලට ගනිමින් ජනතාව මෙලෙස කටයුතු කිරීම යහපත් තත්ත්වයක් බවත් පොලීසිය පවසයි.
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කොට සිටියේ , ගම්පහ කොට්ඨාසයෙන් දෛනිකව කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හමුවීම සහ රෝග තත්ත්වය සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවය.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහ සංරචනය සීමා කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවතින තත්ත්වය තේරුම් ගනිමින් ජනතාව ක්‍රියාකළ යුතුව ඇතැයි ද කීය.

2025 දෙසැම්බර් මස 04
187
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
373
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්පහ ජනතාව සංචරණය සීමා කරති