( තිලකරත්න දිසානායක.)
කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූවද රෝග ලක්ෂණ නොපෙන්වන නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් තම නිවෙස්වලම තබා අවශ්‍යවූවහොත් පමණක් රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කර සිටියේ, සියලුම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වෙනුවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ඇති බවය.
මේ යටතේ රෝග ලක්ෂණ නොපෙන්වන අවුරුදු 5 ත් 60 ත් අතර වයසේ පසුවන කොරෝනා ආසාදිතයින් සිය නිවෙස්වල වෙන් කොට තබාගත හැකිනම් පමණක් නිවැසියන්ගේ කැමැත්ත මත මෙම වැඩපිළිවෙළ සිදු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කීය.
මෙලෙස නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන්, ජාතික මට්ටමේ කොවිඩ් ඇමතුම් මධ්‍යස්ථානයේ පැය 24 පුරා රැදී සිටින වෛද්‍යවරුන් විසින් රෝග තත්ත්වයන් පිළිබඳව දෛනිකව දුරකථනයෙන් විමසා බැලීම සිදු කරන බවත් යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් වහාම ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් කියවන්නේ. මීට කලිනුත් ඕකම මහ ප්‍රසිද්ධ කර පටන්ගත්තා නේද. රෝහල් ඇඳන් පිරෙනකොට නැවත මතක් වෙනව නේද.
වෙන ඉතිං මොනවයි කියලා කරන්නද? රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. රට හොඳටම ඇරලා...
ඉතාමත් හොද තීරණයක්.
ඕක තමයි සෙමට බෙහෙත් කරන ක්‍රමය. බොරුවට කෝටි ගණන් මැෂින් ගෙනැල්ලා අපේ සල්ලි ඔක්කොම පිටරටට යනවා.