
(නිමන්ති රණසිංහ,ඉන්දිකා රාමනායක සහ ලාල් එස් කුමාර)
සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තෙරතුක්මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැකකටයුතු ගමන් මල්ලක් තිබී ඇත. පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා මළ සිරුරුක් ඇති බවට දැක ඇත.
මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 - 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.
එම කාන්තාව රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි..
මරණකාරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් කැළණීය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සපුගස්කන්ද පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇතැයි ද ඔහු සදහන් කළේය.
(ඡායාරූප: ලාල් එස් කුමාර)



COMMENTS
හැමදාම මිනීමැරුම් සහ කොල්ලකෑම්... ලංකාව ඉවරයි...
මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ..? හරිම දුක හිතෙන සිදුවීමක්... මිනිස්සු මරනවා බල්ලො, බළල්ලු ගානට දාලා.. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
කොහෙන් හරි මේකට ප්‍රාදේශීයව සභා මන්ත්‍රීෙයක් සම්බන්ධ ඇතියි කියලා සිතනවා..., නිකමට..!!
රටේ අවාසනාවන්තම වකවානුව මේ...
මිනි මරුවෝ නිදහස් කරලා උන්ව දිරි ගන්වපු රටක ඕවා ඉදිරියටත් සාමාන්‍ය වෙයි
ඔන්න ඔහොම තමයි පව් කරාම කාටත් පලදෙන්නෙ. මහජන මුදල් ගසාකන, හොරකම් කරන, සංවිධානාත්මක අපරාධ කරන, මහජන බදුමුදල් විනාශ කරන, මහ බැංකුව කොල්ලකාපු අයටත් කවද හරි ඒ ඒ තරාතිරම අනුව කවදම හරි පලදෙනවා. ඒක තව ආත්ම ගානකින් වෙන්න පුලුවන්.
කලින් හංවැල්ල ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා.