IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


ගාමිණි සෙනරත් නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (12) අවසන් විය.

ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශවය විසින් ඔප්පු කර නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම ඉල්ලීම කිරීම සඳහා නඩුව ලබන 22 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කරන ලදී.

2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඒ අනුව ‘ලිට්‍රෝ ගෑස් සමාගම’ ‘කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම’ට එවු රුපියල් මිලියන 500ක මුදල ‘හෙලන්කෝ හෝටල් ඇන්ඩ් ස්පා පෞද්ගලික සමාගම’ට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම, රුපියල් මිලියන 48 ක මුදලකින් නුවරඑළිය සඳතැන්න ‘ලිට්ල් ඉන්ලන්ඞ් කොටේජ්’ ඉඩමින් ඉඩම් කොටස් දෙකක් මිලදී ගැනීම, රුපියල් 18,90,000/-ක මුදලක් යොදවා සිව්වැනි විත්තිකාර නීල් බණ්ඩාර හපුහින්න නමැත්තාගේ පදිංචියට මහල් නිවාසයක් බද්දට ගැනීම සහ රුපියල් 7,01,738/-ක මුදලක් ලංකා බැංකුවේ ණය කාඩ්පතේ වියදම් කිරීමට යෙදවීම ඇතුළු චෝදනා 24ක් යටතේ නීතීපතිවරයා විසින් බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.



අදහස් (0)

ගාමිණි සෙනරත් නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන්

ඔබේ අදහස් එවන්න

දියත

කොටහළු මගුලේදී තරුණයකු මරයි
2024 පෙබරවාරි මස 28 6 0

වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී අද රාත්‍රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .


මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති
2024 පෙබරවාරි මස 28 33 0

යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්ද


බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක්
2024 පෙබරවාරි මස 28 78 0

අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්‍ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න


නාවික නිදහස රකින්න ලංකාව කැපවී සිටිනවා
2024 පෙබරවාරි මස 28 82 0

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් ව


රොනීගේ දේහය මැති සබයට නෑ
2024 පෙබරවාරි මස 28 854 0

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණ


එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 28 380 0

මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 377 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site