(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අගොස්තු 8 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (9) නියම කළේය.
නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපයාගන්නා ලද රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබේ.
පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි විභාගය අවසන් වීමෙන් පසුව පැමිණිල්ලේ හා විත්තියේ නීතීඥවරුන් ලිඛිත හා වාචික දේශන ඉදිරිපත් කිරීමෙන් ද පසුව තීන්දුව සඳහා මෙලෙස දින නියම කළේය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරිණි.
2014 පෙබරවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වූ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඒ අනුව ‘ලිට්‍රෝ ගෑස් සමාගම’ ‘කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම’ට එවු රුපියල් මිලියන 500ක මුදල ‘හෙලන්කෝ හෝටල් ඇන්ඩ් ස්පා පෞද්ගලික සමාගම’ට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම, රුපියල් මිලියන 48 ක මුදලකින් නුවරඑළිය සඳතැන්න ‘ලිට්ල් ඉන්ලන්ඞ් කොටේජ්’ ඉඩමින් ඉඩම් කොටස් දෙකක් මිලදී ගැනීම, රුපියල් 18,90,000/-ක මුදලක් යොදවා සිව්වැනි විත්තිකාර නීල් බණ්ඩාර හපුහින්න නමැත්තාගේ පදිංචියට මහල් නිවාසයක් බද්දට ගැනීම සහ රුපියල් 7,01,738/-ක මුදලක් ලංකා බැංකුවේ ණය කාඩ්පතේ වියදම් කිරීමට යෙදවීම ඇතුළු චෝදනා 24 ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් විසින් සිදුකර ඇති බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ කොක්කාවිට ලියනගේ ලසන්ත බණඩාර නමැත්තන්ය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වන මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ සජීව ජයවර්ධන මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාද, සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ අනුර චන්ද්‍රසිරි මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
2025 නොවැම්බර් මස 17
119
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
971
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2576
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනාගේ නඩුවේ තීන්දුව අගෝස්තු 8 දා
Chanak los angeles Tuesday, 09 July 2019 03:09 PM
ඉතින් කියන්නේ සාටකලාට බලය දෙන්නලු...
සෙනෙවිරත්න Wednesday, 10 July 2019 02:21 AM
මේ සෙට් එකවත් හිරේ දාල ජනතාවගේ මුදල් අයකරනවා ගන්න පුළුවන්ද වෙයිද?
Cisco Wednesday, 10 July 2019 03:59 AM
මෙතන නඩු දාල තියෙන්නේ සාවද්‍ය පරිහරණය මිසක් හොරා කෑවා කියලා නෙමේ. මේක තමයි ක්‍රමේ විශාල වැරදි වලට නඩු නොදමා පොඩි දේකට නඩු දාලා නීතියෙන් නිවැරදි කරු වුනොත් දෙගොල්ලොම ගොඩ. නඩු දාපු කට්ටිය කියනවා ඔන්න අපි වැරදි කාරයොන්ට නඩු දැම්ම කියල. නඩු වැටිච්ච කට්ටිය කියනවා ඔන්න අපි උසාවියෙනුත් නිදහස් වෙලා කියලා. අන්තිමට ඡන්දෙ දාපු අපි පැරදිලා.