(මනෝප්‍රිය ගුණසේකර)
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට අධික මුදලක් හම්බන්තොට හයර් ඉන්ටර්නැෂනල් හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින් රජයට රුපියල් කෝටි 50කට අධික අලාභයක් සිදු කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ ලේඛන බොහෝමයක් තමන්ට මෙතෙක් නොලැබීම නිසා නඩුව පවත්වාගෙන යෑමෙන් විත්ති පාර්ශ්වයට අගතියක් සිදුවන බවට අධිකරණයට දැනුම් දුනේය.
අනතුරුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල ඒ අවශ්‍ය ලේඛන මොනවාදැයි මෝසමක් මාර්ගයෙන් අධිකරණ රෙජිස්ටාර්වරයාට ඉදිරිපත් කිරීමට නියම කළේය.
එම මෝසම සඳහන් ලේඛන අපරාධ කොට්ඨාසය මාර්ගයෙන් ලබාගැනීමට ක්‍රියාකරන බව දැනුම්දුන් විනිසුරු මඩුල්ල ඒ අනුව මෙම නඩුව ලබන 23 වැනිදා කැඳවීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාමිණි සෙනරත්ට එරෙහි මුල්‍ය වංචා නඩුව කල් යයි
somapala Monday, 15 October 2018 08:02 AM
නඩු කල් දාන විදිය මේ උසාවියෙත් පටන් අරන් වගෙයි. ආණ්ඩුව මාරු වෙනකන් කරාවි.
sirimal Monday, 15 October 2018 08:02 AM
මේ හොටල් ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් වාර්තාවෙනවා නේද? මේකත් අර ලෙඩා මැරුණට මොකද බඩ හොඳට සුද්ධ වුණු ජාතියේ වැඩක් වගෙයි පෙනෙන්නේ...
Sanka Monday, 15 October 2018 10:11 AM
මහජනතාව මත අසීමිතව බදු පනවලා තවත් මේ විශේෂ අධිකරණ නඩත්තුවට කෝටි ගනන් මහජන වුදල් වියදම් කරලා මේ යන විදියට කිසිම ප්‍රතිපලයක් නැහැ.
Saman Monday, 15 October 2018 01:05 PM
රන්ජන් කියපු දේ තමයි නියම ඇත්ත... මේ නඩු කල් දාන්න ලෝයර්ලා හේතු හොයාගන්නවා. ලඟදී එකක් කල් ගියේ අගවිනිසුරුගේ පාටියට යන්න තියෙනවා කියලා...