(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලංගමයට සිදුවූ පාඩුවට රුපියල් මිලියන 142 ක් අයකර දෙන මෙන් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ වගඋත්තරකරුවන්ට දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ගොනු කළ අභියාචන පෙත්සම සළකා බැලීම මාර්තු 26 වැනිදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.
එම නඩුවේ වගඋත්තකරුවන් වූ අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් නිදහස් කරමින් අධිකරණ තීන්දුව ලබාදී තිබූ අතර ඊට එරෙහිව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා පෙත්සම ගොනු කර තිබිණි.
එම පෙත්සම විජිත් මළල්ගොඩ , මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (25) සළකා බැලිණි.
එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ගාමිණි අමරසේකර මහතා මෙම නඩු විභාගයට සහභාගි වීමට අකමැත්ත පළ කිරීම නිසා පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
COMMENTS
මේ වගේ ඒවාට අදහස් දාන්න ගොන් බමුණෝ එකෙක් වත් නෑ, ඔක්කොම ඉන්නේ නූගත් හොරු රකින්න. දැන් ඉතින් කෙනෙක් දායි මහබැංකුව ගැන, දැන්මම කියන්නේ එ්කට සම්බන්ධව නඩු තියෙනවා මිනිස්සු අත්අඩංගුවට අරගෙන තියෙනවා. එ්ත් ඇවන්ට් ගාර්ඩ්, ශ්‍රී ලන්කන්, මිහින් එයාර්, සිල් රෙදි වගේ 100ක් හොරකම් වලට කිසි නඩුවක් තිබුනේ නෑ.
මම මේ ගැන හැම වෙලේම අහපු කෙනෙක් .. දවසක් මාද්යවේදියෙක් පැරදුන ජනපතිගෙන් අහනකොට ඔබගේ ජනපතිවරණයට ලංගමයෙන් ගත් බස්රථ වෙනුවෙන් ගෙවිය යුතු මුදල පැහැර හැරලා තිබෙන්නේ ඇයි කියා ඔහු කියපි මගෙන් අහලා වැඩක් නැහැ ගිහින් අහන්න ඒවා ගත්ත අයගෙන් කියලා ... එතකොට අපි අහන්නේ රටේ හිටපු නායකයෙක් තම ජනාධිපති කාර්ය මණ්ඩලය හරහා ජනපතිවරණය වෙනුවෙන් ගත් බස්රථ වලට ගෙවීම අනුන් පිට පටවා මග හරින්නේ කොහොමද ? මෙහෙම පොලු තැබුවාම එම ආයතනය දුවන්නේ කොහොමද කියලයි .. අපිට කනගාටු මේවගේ පොලු තියපු එවුන් නැවත ජනතාව ඉදිරියට ඇවිල්ල අනුන්ට ඇඟිලි දික් කරමින් රට කරන්න ඉල්ලන එකටයි මුන්ට රෙදි නැතුව කඩේ යන එවුනුත් ඉන්න එකටයි