(තිළිණි ද සිල්වා)
මහපොළ අරමුදල සතුව තිබූ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය බදු ගිවිසුමකින් පෞද්ගලික සමාගමට පවරන අවස්ථාවේදී එම ගිවිසුමේ වැරදි තිබුණේ නම් එවකට අරමුදලේ සභාපති වශයෙන් සිටි හිටපු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාට එහි අඩුපාඩු පෙන්වා දිය යුතුව තිබූ බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා අද (17) ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය.
කොමිසම හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අදාල ගිවිසුම සැකසූ අවස්ථාවේ තමා ඇමතිවරයෙකු ලෙස මහපොළ අරමුදලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටියත් තමා එම මණ්ඩලයේ සිටියේ පඹයෙකු වශයෙන් යැයිද පැවසීය.
මහපොළ අරමුදල සතුව තිබූ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය බදු ගිවිසුමකින් පෞද්ගලික සමාගමකට පැවරීමෙන් මහපොළ අරමුදල ලැබිය යුතු රුපියල් මිලයන 40000ක් පමණ මුදලක් අවභාවිතව ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ පැමිණිල්ලට අදාළව කෙටි සාක්කියක් ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන , විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ , හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා සහ විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.
මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලික සමාගමකට පවරන ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ තමා භාරකාර මණ්ඩලයේ සිටියත් නීතිමය තත්ත්වයන් හරි හැටි දන්නා හිටපු අගවිනිසුරුවරයාට එම ගිවිසුමේ වැරදි පෙන්වා දීමට හොඳටම ඉඩකඩ තිබූ බවද ඔහු වැඩිදුරටත් කොමසම හමුවේ කීය.
එවකට මහපොළ අරමුදලේ සභාපතිව සිටි හිටපු අගවිනිසුරුවරයා උගත් බුද්ධිමතෙකු වූ බැවින් ඔහු ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් තැබීම කෙරෙහි කිසිදු චකිතයක් හා බියක් නොවූ බවත් ඔහු කෙරේ දැඩි විශ්වාසයක් තිබූ බවද හෙතෙම පැවසීය.
මෙම පැමිණිල්ල පිළිබඳ විභාගය පසුවට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාමිණී ජයවික‍්‍රම ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි
ධම්ම Wednesday, 18 September 2019 02:35 AM
මේ අය පත්කරගත් අපටම තමයි මඩු වලිගෙන් තලා ගන්න ඕනෑ...