IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගාමිණී ජයවික‍්‍රම ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි

(තිළිණි ද සිල්වා)

මහපොළ අරමුදල සතුව තිබූ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය  බදු ගිවිසුමකින් පෞද්ගලික සමාගමට පවරන අවස්ථාවේදී එම ගිවිසුමේ වැරදි තිබුණේ නම් එවකට අරමුදලේ සභාපති වශයෙන් සිටි හිටපු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාට එහි අඩුපාඩු පෙන්වා දිය යුතුව තිබූ බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා  අද (17) ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය.

කොමිසම හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අදාල ගිවිසුම සැකසූ අවස්ථාවේ තමා ඇමතිවරයෙකු ලෙස මහපොළ අරමුදලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටියත් තමා එම මණ්ඩලයේ සිටියේ පඹයෙකු වශයෙන් යැයිද පැවසීය.

මහපොළ අරමුදල සතුව තිබූ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය  බදු ගිවිසුමකින් පෞද්ගලික සමාගමකට පැවරීමෙන් මහපොළ අරමුදල ලැබිය යුතු රුපියල් මිලයන 40000ක් පමණ මුදලක් අවභාවිතව ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ පැමිණිල්ලට අදාළව කෙටි සාක්කියක් ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන , විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ , හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා සහ  විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.

මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය  පෞද්ගලික සමාගමකට පවරන ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ තමා භාරකාර මණ්ඩලයේ සිටියත් නීතිමය තත්ත්වයන් හරි හැටි දන්නා හිටපු අගවිනිසුරුවරයාට  එම ගිවිසුමේ වැරදි පෙන්වා දීමට හොඳටම ඉඩකඩ තිබූ බවද ඔහු වැඩිදුරටත් කොමසම හමුවේ කීය.

එවකට මහපොළ අරමුදලේ සභාපතිව සිටි හිටපු අගවිනිසුරුවරයා උගත් බුද්ධිමතෙකු වූ බැවින් ඔහු ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් තැබීම කෙරෙහි කිසිදු චකිතයක් හා බියක් නොවූ බවත්  ඔහු කෙරේ දැඩි විශ්වාසයක් තිබූ බවද හෙතෙම පැවසීය.

මෙම පැමිණිල්ල පිළිබඳ විභාගය පසුවට කල් තැබිණි.

 



අදහස් (1)

ගාමිණී ජයවික‍්‍රම ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි

ධම්ම Wednesday, 18 September 2019 02:35 AM

මේ අය පත්කරගත් අපටම තමයි මඩු වලිගෙන් තලා ගන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 343 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1628 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site