(ඩයනා උදයංගනී)

ග්‍රාමීය මටට්මේ විවිධ පාර්ශවයන්හි අදහස් ලබාගනිමින් මෙවර ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

ආගමික නායකයින්, ගමේ මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන් සහ ග්‍රාමීය කමිටුවල ආදී විවිධ පාර්ශවයන්හි යෝජනා එහිදී ලබා ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසුවේ වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

අයවැය සඳහා ග්‍රාමීය මට්ටමින් යෝජනා ලබා ගැනීමෙන් ගමේ ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථික ක්‍රියාවලියක්ද, ජීවනෝපාය සංවර්ධනයක්ද, සුභසාධන සේවාවක්ද යන්න නිවැරදිව හදුනා ගැනීමට හැකි වන බව ද හෙතෙම කීවේය.

අයවැයකදී ගම් මට්ටමින් යෝජනා ලබාගැනෙන්නේ ඉතිහාසයේ පළමු වරට බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.