(ඩයනා උදයංගනී)
මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.
ගර්භනී මවුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීමේ සතියක් මේ වන විට ක්‍රියාත්මක අතර එහිදී ද ගැබිණි මවුවරුන් බොහෝ දෙනෙක් එන්නත් ලබාගෙන ඇතැයි කී අධ්‍යක්‍ෂවරිය මෙතෙක් එන්නත් නොගත් අය සිටී නම් නම් ප්‍රදේශයේ සායනයට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස් ලබාගන්නැයි තමා ඉල්ලීමක් කරන බව ද සඳහන් කළාය.
ගැබිනි මවකට කොවිඩ් ආසාදිත වුවහොත් සංකූලතාවලට ලක්වීමේ ඉඩ ඉතා වැඩි බව කී විශේෂඥ වෛද්‍යවරිය මේ වන විට මෙරට කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ මරණ 32ක් සිදුව ඇතැයි ද කීවාය.
මෙය ඉතා භයානක තත්වයක් බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දැනටත් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 900ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 4,200ක් පමණ වාර්තා වී ඇති බවත් පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය fමේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS