(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම භයානක තත්වයක් හෙයින් ඊට විරෝධය දක්වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
කෝවිඩ් වයිරසය රට පුරා තදින් පැතිර යමින් තිබෙන තත්ත්වයක් තුළ ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම නොකරන්නැයි ඉල්ලා සිටින බව ද ඒකා බද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරයා වෙත යවා ඇති බව ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා පෙළපාලියට සහභාගි වුණෙත් නැද්ද?