ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ගැබ් ගෙල පිළිකා රෝගීන් සඳහා මානව පැපිලෝමා වෛරස් එන්නත නිර්දේශ වී ඇති අතර විශේෂයෙන් දුප්පත් රටවල කාන්තාවන්ට මෙම එන්නත ලබාදීමට පිළිකා විශේෂඥයන්ගේ අවධානය යොමු වී ඇත.
2018 දී ලොව පුරා ගැබ්ගෙල පිළිකා රෝගීන් 570,000 ක් පමණ සිටින බව පිළිකා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
සෑම වර්ෂයකම කාන්තාවන් 310,000 වඩා ගැබ් ගෙල පිළිකා වලින් මිය යන අතර, එයින් බහුතරයක් දුප්පත් රටවල්වල කාන්තාවන් බව අනාවරණය වී ඇත.
මෙම එන්නතට එරෙහිව ධනවත් රටවල ප්‍රචාරයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝකය පුරා කාන්තාවන්ගේ සිව්වන පිළිකා අවදානම ගැබ්ගෙල පිළිකාවයි.
2020 වන විට මානව පැපිලෝමා වෛරස් එන්නත දුප්පත් රටවලින් කාන්තාවන් මිලියන 40 කට ලබාදීම ඔවුන්ගේ අරමුණ බව පසුගිය සතියේ වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේය.
එයින් 900,000 මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකි බවට වාර්තා වේ.
(63226)
රොයිටර් ඇසුරෙනි
COMMENTS
මෙම එන්නත සාර්ථක වේවා කියලා පතනවා. වෙන රටවල නම් වයස්ගත ස්ත්‍රීන්ට "පැප් " පරීක්ෂණය අනිවාර්යයි. මෙහෙ තවම එහෙම නැහැ හුඟක් අය මේකේ අවදානම දන්නේ නැහැ. ඔය ඕන දෙකට විරුද්දව ප්‍රචාර යනවා හොඳම උදාහරණය තමයි ප්‍රංශයේ ප්‍රධානතම ආයතනයක් හදපු ඩෙංගු එන්නත පිලීපිනේ මේක අසාර්ථකයි කියලා ලොකු හා හුවක් ගියා හිටපු ජනපතිනිය පවා උසාවි ගෙන්නුවා. නමුත් ඔය කියපු තරම් ප්‍රශ්නයක් එකේ තිබුනේ නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියනවා. ඕනෑම එන්නතක, බෙහෙතක අතුරු ආබාධ තියනවා, ඒ නිසා මරණත් වෙන්න පුළුවන්
ඇයි දැන් මේක දුප්පත් රටවල් වලට විතරක් දෙන්නේ? ධනවත් රටවල් මීට එරෙහි වීමට හේතු? මටනම් හිතෙන්නේ මේක තව දුරටත් පරීක්ෂණයට භාජනය කිරීමක්. ඔන්න ඊට පස්සේ ධනවත් රට වලටත් දෙයි.