(ඉන්දිකා රාමනායක)
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගනිමින් පවතින නැවෙන් වෙරළට ගොඩගසා හා භාණ්ඩ එක් රැස් කරමින් සිටි සහ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
ඔවුන් දුන්ගාල්පිටිය, පමුණුගම,කොච්චිකඩේ යන ප්‍රදේශ ප්‍රදේශ වල දී අත්අඩංගුවට ගෙන ඇත.
සංචරණ සීමා උල්ලංඝනය කරමින් මුහුදු වෙරළට පැමිණ භාණ්ඩ එක් රැස් කිරීම සම්බන්ධයෙන් පමුණුගම සහ කොච්චිකඩේ ප්‍රදේශවලදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
සෙසු සැකකරුවන් දෙදෙනා එක්රැස් කළ භාණ්ඩ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දී දුන්දීගාල්පිටිය ප්‍රදේශයෙ දී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
ඔව් එකේ හරි වටිනා කියන දේවල් එහෙම අවොත් නේද.?
දුප්පත් මිනිසුන් මේවා ගෙනිච්චාම මොකද්ද වැරද්ද
ඔව් ඉතිං අහිංසකයෙක් නං අල්ලයි, මේ පෙන්නුම් කරන්නෙ ජනතාවගෙ දිළිඳු බව, මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ, වෙරළට ගොඩ ගහපු දෙයක් හරි ගන්න බලන්නෙ ඒකයි, පාස්කු ප්‍රහාරකයෝ මහා බැංකු වංචා කාරයො ඔය විදිහටම අල්ලන්න බැරිද?
ඔය වීඩියෝ එක මම අන්තර්ජාලයෙන් දැක්කා. නැවෙන් වෙරළට ගසාගෙන ආ සුන්බුන් ,පමණක් නොව ආහාර ද්‍රව්‍යයන් පවා ඒ පුද්ගලයින් රැගෙන ගියා. මම ඒ මිනිස්සුන්ට චෝදනා කරන්න කලින් ටිකක් හිතුවා...ඒ පාවී ආ ද්‍රව්‍ය අතරේ මිනිස් සිරුරට විෂ රසායනද්‍රව්‍ය තිබෙන්නට ඇත..ඒ ආහාරවල පවා විෂ තැවරී තිබෙන්න ඇත..නමුත් ඒ අහිංසකයින් ශ්‍රී ලංකාවේ හොර දේශකාපාලුවන් මෙන් " හොරුන් " නොවේ. අන්ත දුෂිත ,මිනීමරු හොර දේශකාපාලුවන් විසින් රටේ ධනය හොරාකෑම නිසාම ශ්‍රී ලංකාව නම් දුප්පත්කමේ අන්තයටම වැටී සිටින ,දුප්පත්ම දුප්පත් රටේ ජිවත්වන අහිංසක ,අන්ත අසරණ මිනිසුන් ජීවත්වීම සඳහා කරන සටනේ තවත් එක පියවරක් ලෙස පමණක් මෙය දකිමි.