
(සුමිත් ප්‍රේමතිලක )
ඉකුත් මැයි මස අවසානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම රජයට අයත් කාර්යක් නොවන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පැවසීය .
ඒ මහතා මේ බව පැවසුවේ අද පානදුර පොදු වෙළඳ වෙළඳ සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
වන්දි මුදල් ලබානොදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම පිළිගත නොහැකි කාරණයක්. එය රජයට අයත් කාර්යයක් නොවෙයි. නැවක ප්‍රවාහනය කරන භාණ්ඩ විනාශ වූ පසු ඒ සඳහා වගකිව යුත්තේ අදාල නැව් සමාගම . වන්දි මුදල් ලබා දිය යුත්තේ ඔවුන් රක්ෂණය කර ඇති අදාළ රක්ෂණ සමාගමෙන් . ඒ බව අගතියට පත් කණ්ඩායම මා සමග සාකච්ඡා කිරීමේදී මම ඔවුන්ට දැනුම් දුන්නා .
අප වන්දී ලබාදුන්නේ කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල පදිංචි අගතියට පත් ධීවර ජනතාවටයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු ආනයනය කෙරුවෙත් මේ රටේම මිනිස්සුමනේ... පාඩු වෙන්නෙම අපේ අයටයි. රටේ ආණ්ඩුව මේගොල්ලන්ව රක්ෂණ සමාගම් එක්ක බලාගන්න කියලා කුඩම්මාගේ සැලකිල්ල නොදක්වා රජය මගින් බලධාරියෙක් පත්කරලා රක්ෂණ සමාගම් වල වන්දි ලබාගැනීමට උදව් කරන්න පුළුවනි. නමුත් මේ ළඟදී ඡන්දයක් නැහැනේ...
එතකොට රටේ ජනතාවට උදව් කරන්න ඇමැතිතුමා කැමැති නැහැ නේද? හරිනම් ජනතාව වෙනුවෙන් කතා කිරීම ආණ්ඩුවක යුතුකම නොවේද රත්තරන්...?
භාණ්ඩ ගෙන්වීම කරලා තියෙන්නේ සජබ කට්ටියයි, ජවිපෙ කට්ටියයිලු.. ඒක නිසා ගෙවන්න බැරිලු.
ආත්මාර්ථකාමී දේශපාලකයෝ බලයට එයි!
පිටරටවල ලංකාවේ වැඩකරන අයත් මේවයේ බඩු එව්වා. එහෙම එවන බඩු රක්ෂණය කරලා නෙමෙයි එවන්නේ... මොකද කිව්වොත් රක්ෂණයටත් වැඩි මුදලක් යන නිසා ඒවට වගකීමක් ගන්නෙත් නැහැ. නැව් සමාගම් ලොකු ආනයන කරුවන්ට නම් පාඩුවක් නැහැ. මොකද හැම එකක්ම වගේ රක්ෂණය කරලා එවන නිසා පොඩි මනුස්සයා තමයි පව්...
හැම වෙලාවේම ගන්නේ අපේ මිනිස්සුන්ගේ පැත්ත නෙවෙයි .චන්දෙ කාලෙට විතරයි ජනතාවගේ පැත්තේ ඉන්නේ