(චමින්ද වැවතැන්න)

මෙරට නිෂ්පාදිත ගිනි අවි පහක්,උණ්ඩ 22 ක්, විදේශ රටක නිෂ්පාදිත අත් බොම්බයක් සමග සැකකරුවකු රඹුක්කන දී අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය කියයි.

කෑගල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් වැදිසිංහ  මහතාට ලද තොරතුරක⁣ට අනුව රඹුක්කන පොලිස් වසමේ දියසුන්ත ප්‍රදේශයේ නිවසක තිබී ටී, 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 11 ක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර 3 ක් ,බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවි 2 ක් ආරක්ෂක අංශයට අයත් අත් බොම්බයක්, අත් මාංචු යුගළ දෙකක් සමග 37 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ හොරෝයින් ජාවාරම් සිදු කර ඇති බවත් කෑගල්ල මහධිකරණයේ හොරෝයින් ජාවාරම් සම්බන්ධයෙන් නඩුවක් පවතින බවත් පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් මෙම ගිනි අවි ලග තබා ගැනීම හෙතුව මෙතෙක් අනාවරණය නොවු බවත් පොලිසිය කියයි.