
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නිවාස 12 ක පදිංචි පවුල් 13 ක් නායයාමේ අවධානමක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කල බව අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පවසයි.
ගිනිගත්හේන රංජුරාව ඉහල කදු මුදුණේ පිහිටි සදසිරිගම ගම්මානය පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකින් විශාල ලෙස ඉරි තලා ඇති බවත් එම ගම්මානයේ පිහිටි නිවාස කිහිපයක බිත්ති පුපුරා ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේය.
ඒ පිලිබදව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනට තමන් කල දැනුම් දිමක් මත නිලධාරින් කණ්ඩායමක් එම ගම්මානයට පැමිණ පරික්ෂණ පවත්වා එම ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් වන ලෙසට කළ දැනුම් දිමක් මත නිවාස 12 කට අයත් පවුල් 13 ක සමාජිකයන් තාවකාලිකව එම ගම්මානයට යාබදව පිහිටි තේ වත්තක ගොඩනැගිල්ලක පදිංචි කර ඇති බවත්,අවතැන් වු ගම්වාසින්ට අවශ්‍ය ආහාර පාන සහ පහසුකම් ලබාදිමට පියවර ගත් බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට අයින් වෙනවලා ... යට වුණාම අපේ සිත් පෑරෙන බව දන්නේ නැතිද?
ආසියාවේ ආශ්චර්යය.. අපිට ඉතාම සතුටුයි.. මේ වගේ ව්‍යවසනවලට මූලික වෙච්ච අසාධාරණ සංවර්ධන වලට දායක වූ ඔක්කොටෝම අපි පින් පමුණුවනවා.