IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 57 ක්

ඉකුත් පැය 24 ඇතුළත මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 57ක් බවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,105කින් ඉහළ ගිය බවත් ප්‍රංශ පුවත් සේවය අද (3) වාර්තා කළේය.

ඒ අනුව අද (3) වනවිට නව මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 362ක් දක්වා ඉහළ ගොස් තිබෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,485ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් මාරාන්තික වයිරසය හේතුවෙන් ඊයේ (2) වනවිට මියගිය ගණන 305 ක් යැයි ද වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 14,380 ක් යැයි චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට සහ රෝගීන්ට පහසුකම් සැලැසීම සඳහා හමුදාව යෙදවීමට ද චීනය පියවර ගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහල් දෙකෙන් එකක්, එම රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීම අද (3) ආරම්භ කළේය.

මාරාන්තික කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ.

මෙම වෛරසයෙන් චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර චීනයේ ෂැංහයි සහ ෂෙන්ෂෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු අද ආරම්භ වූ අතර ඒවා සියයට 10කින් පහත වැටුණි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට අයත් අර්ධ ස්වයංපාලිත හොංකොං හි ආර්ථික වර්ධන වේගය ද පහත වැටී ඇත. හොංකොං ආර්ථිකය මේ අයුරින් පහත වැටුණේ දශකයකට පසුවය.

කඩිනමින් මුඛ ආවරණ සහ වෛද්‍ය උපකරණ අවශ්‍ය වී ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ විදේශිකයන් ඔවුන්ගේ රටවලට යැවීමට මේ අතරවාරයේදී රුසියාව පියවර ගෙන ඇත.

මේ අතර සංචාරක සුඛෝපභෝගී නෞකාවලට චීන ජාතිකයන් නංවා ගැනීම තාවකාලිකව නතර කිරීමට එම නෞකාවල ප්‍රධාන ගෝලීය සංවිධානය වන ‘කෲස් ලයින්ස් ඉන්ටර්නැෂනල්’ සංවිධානය අද නිවේදනය කළේය.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 57 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site