
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දීයාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස අද (25) සවස මන්නාරමේ සංචාරයක නිරත වූහ.
විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුලං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුලං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස පැමිණ ඇත.
ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින් එම පිරිස මන්නාරමට ළඟ වී ඇත.
එහිදී ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස මන්නාරමේ පිහිටි සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමග සාකච්ඡා කොට ආපසු අද සවසම කොළඹ බලා පිටත්වුණි.

COMMENTS
පිටරටකින් ආව මුදලාලි කෙනෙකුට අැයි මේ වගේ සැලකිලි? හෙලිකොප්ටරයක් දවසක් පාවිච්චි කළාට ගෙව්වද නැත්නම් එ්කත් සන්තෝෂමක්ද..?
රජවරු පණමෙන් ආරක්ෂා කරපු රට... ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්ව රට... ඒ තරම් ජාතියට වටිනා නිසා අද දේශපාලකයන්ට විහිළුවක් වෙලා... අද රට පත්වෙලා තියෙන්නේ අවාසනාවන්ත ඉරණමක්...
තෙල් ලිඳ හාරන්න කොමිස් ගැන කතා කරන්න වෙන්න ඇති මන්නාරමට ගියේ.
ගෙදරක් බංකොලොත් උණාම රන් බඩු විතරක් නොවේ දොර ජනේල පවා උගස් කරනවා. ඉඩම් විකුණනවා.
ආපසු ගම රට බලා යන්නේ කවදාද.?
මේ අදානි සමාගම සමහර දියුණු රටවල්වල කළු (බ්ලැක්) ලයිස්තුවේ. තවද ඉන්දියාවේ පන්ජාප් ප්‍රාන්තයේ ළඟදී ගොවීන් උද්ගෝෂණ කළා ඔවුන්ව මේ අදානි සමාගම රැවට්ටුවයි කියල. මේ වගේ අය තමයි අපේ පාලකයන්ට අහුවෙන්නේ. අපිට නරක ඉතිහාසය තියනවා අර්ජුන් මහේන්ද්‍රන්, එරික් සොල්හෙම්, එමිල් කාන්තන් පිළිබඳව.