(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් වේයන්ගොඩ තල්ගස්මොටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනකු අද ( 4 ) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොට්ටුන්න පෙදෙසේ පුද්ගලයකු සහ මාතර සහ කැකිරාව පෙදෙස් වල පදිංචි කාන්තාවන් දෙදෙනෙකි .
අත්අඩංගුවට පත් වූ කාන්තාවන් දෙදෙනා තිස් හැවිරිදි හා හතළිස් දෙහැවිරිදි වියේ පසුවන අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු මෙහි සේවය සලසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට ලත් තොරතුරක් මත මෙම වැටලීම කරනු ලැබී ය .
පොලිස් නිලධාරියෙක් උපාය දූතයෙක් ලෙස කටයුතු කර ඇතුළුවී ලබා දුන් තොරතුරු මත මෙම වැටලීම කෙරිණි .
මෙම ස්ථානය කලක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ද මාසයක පමණ කාලයක සිට ඒ මුවාවෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද පොලිසිය කියයි . එහි සේවය කරන බව කියන සෙසු කාන්තාවන් දෙදෙනා ඒ වන විට ස්ථානයේ නොවූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.