(චන්ද්‍රෙස්න ගමගේ සහ ක්‍රිෂාන් ජයරුක්)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේදී මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා රාජපක්ෂ අනුස්මරණ පිළිරූවලට උපහාර පුද කරනු ලැබීය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සමග පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෝ රැසක් සහභාගී වූහ.




(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



(ඡායාරූප - රන්න චන්ද්‍රෙස්න ගමගේ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ස්මාරකය හදන්න මහජන මුදල් වියදම් කළා කියලා තියෙන නඩුව නීති විරෝධී කියලා ඒක අහන්න එපා කියලත් නඩුවක් දාලා තියෙනවා නේද? තව කොයි කාලයක්ද ඉතින් නඩු දවසට අසනීප වෙන්න වෙන්නේ. අපට ආරංචියි විශ්‍රාම යන්න ඉන්න හමුදාපතිතුමත් වැඩ බලන පොලිස්පතිතුමත් සුභපැතුම් පණිවිඩ එවලා කියලා. අලුතෙන් පත්වෙන්න ඉන්න හමුදාපතිතුමා නම් ඉතින් කොහොමත් සාක්කුවේ කියලයි හන්දියේ කට්ටිය කතා වෙන්නේ... අනේ මන්දා ඒ මිනිස්සුන්ට පිස්සුද කියලා. ඒ ගොල්ලෝ කියන්න පටන් අරගෙන "එහෙම වුනොත් මෙදා පොටේ අනිත් පැත්තෙන් එන කෙනාට අර ෆොන්සේකා උන්නැහේට වෙච්ච අලකලංචියම තමයි වෙන්නේ ඉතින්" කියලා...
අම්ම තාත්තගේ පිළිරුවට වැන්දට කමක් නැහැ. මහා ජනතාවගේ සල්ලි ටික නැවත බාර දීලා. නැත්නම් මහජනතාවගේ සල්ලිවලින් ඕවා කරලා මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලන්න එපා. මුලින්ම රටේ ජනපති වෙන්න කලින් ඔය හොරා කාපු නඩුවලට මුහුණ දීලා ඉන්න. හැංගි හැංගි උසාවි යන්නේ නැතිව ඉන්න එපා. ෆොන්සේකා වගේ සිංහයෙක් වගේ තමන්ගේ නඩුවලට මුහුණ දෙන්න ඕනේ...
හැබෑ අලංකාරයි, ලස්සනට නිමවා තියෙනවා. අපේ බදු මුදල් වියදම් කරලා කල සංවර්ධන වැඩවලින් හොඳම සංවර්ධනය කියලා කියන්න පුලුවන්..
වෙන වැඩක් නැද්ද මෙයාලා අරහෙට මෙහෙට යන ඒවා පෙන්නන්නේ...? දැන්නම් මේවා බලලා අපට ඇතිවෙලා තියෙන්නේ...
මෙයා හිතාගෙන ඉන්නේ ඡන්දෙ දිනලා කියලානේ... බලාගෙන ඉන්නකෝ මහත්තයෝ... හෙට, අනිද්දා ඔබතුමාගේ නඩු ටික ඇදෙන්න ගත්තම මොකද වෙන්නේ කියලා...?
රටපුරාම ලස්සනට ස්මාරක හදමු. පාක්ෂිකයෝ ලක්ෂ 50ට පුදපූජා කරන්න පුළුවන් වෙන්න ජනාධිපති අරමුදලින්. නඩු දාන්න කවුරුවත් එන්නේ නැහැ.
අර ජනතාවගේ මුදල් අරන් හදපු ඒවාද මේ? මේවා දැක්කම වහල් මනසට පුදුම සතුටක් දැනෙන්නේ..
පුතාලා ඔක්කොම ඔහොම මා ලඟට ඇවිල්ලා මට උපහාර පුදනකොට මට ලැජ්ජත් නොහිතෙනවම නෙමෙයි. ඒ මොකද මට ගෞරවය දක්වන්න කියල හදපු පිළිමේ දිහා කවුරුත් ඇත්තටම ගෞරවදීලා බලනවා නම් මට සන්තෝස වෙන්න තිබුණා. ඒ වුණාට සමහර එව්වෝ හරියට උන් බුලත් විට කකා යන අය වගේ නොවැ.
මට දුක මේ වහල්ලු ටික ගැනයි.
ගෝඨා මුත්තා නිකන් හරියට සරුංගලයක් වගේනේ. අත වනන්නෙත් අතට හරියට පණ නෑ වගේ...
දෙමව්පියන්ගේ සොහොනට වියදම් කෙරුවේ... දුප්පත් ජනතාවගේ මුදල්.. තමන්ගේ බලය පාවිච්චි කරමින් මේවා සංදර්ශන.. හෙලිකොප්ටරයෙන් මලුත් දමයි මෙවර ජනාධිපති වුණොත්.. (ලෝක පුදුමයක් වුණොත්) ලැජ්ජාව කියන දේ දන්නෙම නැති සහෝදරයෝ... දෙමව්පියෝ දරුවන් හැදුවට, රටට මොනවද කෙරුවේ හැම නායකයාම... මේ විදියට රටේ, ජනතාවගේ මුදලින් කෝටි ගණන් වියදම් කෙරුවොත් සොහොන්වලට, රටේ දකින්න වෙන්නේ ඇවිදින ඇට සැකිලි, අන්ත දුගී රටවල් ප්‍රපාතයට වැටිලා තියෙන්නේ මේවගේ නායකයින් ඉන්න නිසයි. මේවගේ අයට හුරේ දමන මෝඩරැල නිසා මුළු ජනතාවම අමාරුවේ.. මේ අයියා මලෝ කවදාවත් එන්නේ නැහැ... දෙවි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.
මහජන මුදල්වලින් දෙමාපියන්ගේ සොහොන් හදලා, හොරු රැළත් පිරිවරාගෙන ආයෙත් මේ වගේ වංචා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
වහලුන් කිසිදා මෙය මහජන මුදල් වියදම් කර තැනූ එකක් බව පිළිනොගන්නා හැඩයි. නඩුවලට නොබියව මුහුණ දෙනවා නම් අපිද ගරු කරමු.
මෙයාට බලය ලැබුණාම මිනිසුන්ගේ සල්ලි කොහොම වියදම් කරයිද? රැවටෙන්න එපා...
මේ කමෙන්ට් බැලුවම ගොඩදෙනෙක්ගේ දේශපාලන සාක්ෂරතාව පෙනෙනවා. කණගාටුයි කියන්න ලංකාවේ අනාගතය හොඳ නැහැ. වැඩි දෙනෙක්ට පෙනෙන්නේ මේ ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ මවුපියන් අනුස්මරණය, සිහිපත් කිරීමක් කරලා ඡන්ද කරනවා කියලා, සාමාන්‍ය සිදුවීමක් කියලා, එ්ත් මේ සිදුවීමේ යටි පෙළ බැලුවොත් මොන තරම් භයානක තර්ජනයක්ද කියලා වටහාගන්න ශක්තිය බොහෝ දෙනාට නැහැ. ඔහු නොකියා කියන්නේ... මොනවා කිව්වත්, කළත් මම කරන්නේ මට ඕනෑ දෙයයි කියලා, මෙතැනට තියෙන නඩු අපකීර්තිය එක්ක බැලුවම සාමාන්‍ය මිනිහෙක් තබා බලසම්පන්න දේශපාලනඥයෙක්වත් හීනෙන්වත් කරන්න හිතන්නේ නැති දෙයක්... මේක අධිකරණයට යහපාලනයක් කැමති මිනිසුන්ට කරන බලවත් තර්ජනයක්.., මොහු ජනාධිපති වුවවොත් අනාගතයේ එම පාලනය කෙබන්දක්ද යන්න ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා. මිනිසුනේ මොලය පාවිච්චි කරන්න.
මේවට නඩුත් තියෙනවනේ. තව හොඳට නැවිලා වඳින්න.
ඔක්කොටම කලින් ඔය ස්මාරක හදන්න මුදල් වංචා කරා කියන නඩුවට නොබියව මුහුණ දීලා නිදහස් වෙන්න...! බොරුවට හැංගිමුත්තන් කරන්නේ නැතුව තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න..!
රටේ බදු මුදල්වලින් අම්මාගේ, තාත්තාගේ සොහන හදපු අය ඡනාධිපති වුනොත් මොනවා කරයිද? ඡනතාව හිතන්න
රනිල් තාත්තා කෙනෙක් ඉන්නවාද මෙහෙම පිළිරුවක් හදන්න..? අනේ දන්නා කෙනෙක් කියන්නකෝ ඩී එස් සේනානායකගේ, ඩඩ්ලි සේනානායකගේ, බණ්ඩාරනායකගේ, ඔලිවර් ගුණතිලකගේ, ජේ.ආර්. ජයවර්ධනගේ පිළිරුවවල් හදලා තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ සල්ලිවලින්ද කියලා? හැබැයි රනිල්ගේ පිළිරුවක් නම් මේ රටේ හැදෙන්නේ නැහැ එයාගේ සල්ලිවලින් වත්.
මේවා හදන්න නාගරික සංවර්ධන මණ්ඩලයේ තිබුණු මිලියන 33ක මහජන සල්ලිවලට විද්දනේ දෙවියනේ...
ගෝඨාභයට එරෙහිව මෙරට අධිකරණ වල පමණක් නොව පිටරට අධිකරණවලද නඩු ගොනු වී ඇත. ගෝඨාභයට එරෙහිව ගොනු වී ඇති සොහොන් නඩුවෙහි ඔප්පු කිරීමට දෙයක් නැත. මක්නිසාදයත් රජයේ මුදල් භාවිතා කොට සොහොන තැනූ බව ගෝඨාභයම පිළිගෙන ඇති නිසාය. රජයේ මුදල් සතයක් හොරකම් කළද, කෝටියක් හොරකම් කළද දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම නිශ්චිතය. මුදල් හොරකම් කොට අසුවුවහොත් 'සොරි' කියා ගෙවාදැමිය හැකි ක්‍රමවේදයක් නොමැත. නීතියේ ප්‍රතිපාදන අනුව නම් ගෝඨාභයට ගැලවුමක් නැත. ඇස් වැසූ නීතියේ කන්‍යාවියට චූදිතයා කළ වරද සහ ඊට අදාල සාක්ෂි මිස ඔහුගේ දේශප්‍රේමය අදාලද නැත.
අවුරුදු 17ක් ඇමෙරිකාවේ හැංගිලා ඉන්නකොට අම්මා, තාත්තා මතක් වුනේවත් නැහැ.. 2005 අයියා ජනාධිපති වුණාට පස්සේ මෙහෙට ඇවිල්ලා.. ස්මාරකත් හැදුවා.. හැබැයි අපේ සල්ලිවලින්..
රටේ හදවත බඳු ගෝල්ෆේස් පිටියයි, හමුදා මූලස්ථාන බිමයි ගෙඩිය පිටින්ම චීනට විකුණපු සාටකයින්ගෙන් මොනවද මිනිසුනේ ඔබලා තවත් බලාපොරොත්තු වෙන්නේ?
ගෝඨාගේ පින්තූරය දැක්කම මට මතක් වෙන්නේ දිවංගත බණ්ඩාරනායක මැතිතුමා ජනතාවට ආචාර කරපු විදියටම මෙයත් ශ්‍රීලනිපක්ෂ ඡන්ද ලකුණ වන "අත" වනමින් ඡන්ද දායකයන් "පිළිගන්නා" විදියයි!!! නමුත් මහජන මුදල් කෝටිගණන් "අයථා විදියට පිල්ලිගසා" හැදුවා කියන මිනීවල තුළ අම්මා, අප්පච්චිට නම් සමාදානයේ සැතපීමට මේ කෑදර පවුල කරපු ජාතික අපරාධය උහුලන්නට බැරි බව සහතිකයි..! මේ චෝදනා බොරුනම් ඔහුගේ නම අධිකරණය ඉදිරියේ සුද්ද කරගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලෙස ඔවුන් දෙදෙනාගේ දිරාපත් වී ගිය ඇටසැකිලි වුණත් පතනවා ඇත.! මොන ආත්මවල සිටියත් ඔවුන් දෙදෙනාගේ ආශීර්වාදය ගෝඨාට ජනාධිපති වීමට නොලැබෙනු ඇත..
මම හිතන් හිටියේ අපිට ඉන්නේ ජාතියේ පියා ඩී.එස්. සේනානායක කියා... දැන් බලපුවාම දෙන්නෙක්ම ඉන්නවනේ.. මොකක් කළාටද දන්නේ නැහැ.
මහජන මුදල් කොල්ලකාලා හදපුවා තමයි. ලැජ්ජා නැද්ද?
2015 යහපාලනය ගෙනාවේ මහින්ද පාලනය එපා වුණු නිසා... දැන් යහපාලනෙත් හරියන්නෙ නෑ... ඒ කියන්නෙ උනුත් එපා මුනුත් එපා... දැන් ඒ හැමෝම නිල් කොල පක්ෂ දෙකම අතහැරලා නිදහස් මතයක ඉන්න අය... හැබැයි වහල් මානසිකත්වයෙන් ඉන්න අය තාම තට්ටු මාරුවට රැවටෙනවා...
රාජපක්ෂ පිළිරුවට නෙමේ ඔය වැඳ නමස්කර කරන්නේ, දුප්පත් ජනතාවගේ මුදල්වලට...
යුද්ධය ඉවර කළාලු.., එඩිතරයිලු, පිරිසිදු චරිතයක්ලු... නමුත් නඩුවලට මුහුණ දෙන්න කිසිම පණක් නෑ. ගෙදර ඇඳ අස්සේ හැංගෙන්නේ. නැති එඩිතර බවක් හැකියාවක් දාලා නිකං පුම්බන්න එපා. පිපිරෙන දවස අතළඟයි.
වසර 30 ලෝකයේ තිබු දරුණුම ත්‍රස්තවාදයක් නිමකිරීමට නායකත්වය දුන් සහෝදර දෙපළක් මෙලොවට දායාද කළ ඒ දෙමව්පියන්ට ගරුබුහුමන් දැක්වීම වරදක්ද ?