(නාලක සංජීව දහනායක)
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය.
සති දෙකක සංචාරයක් සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද අලුයම 1.20ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ඒ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු පැවැසීය.
සිය පවුලේ සාමාජිකයන් සමඟ සති දෙකක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ලබන මස 12 වැනිදා නැවතත මෙරටට පැමිණෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
මේ මන් හිතන්නේ ඇමෙරිකාවටත් අර එළිය දෙන්න වෙන්න ඇති.. ඔය අපේ යුද්ධය අතරමගදී හමුදාවෙන් අස්වෙලා ඇමෙරිකාවට ගියෙත් අපේ රට ගැන හිතලා වෙන්න ඇති.
ඇමරිකාවත් ඉල්ලන්නේම ගෝඨාවද?
එක කකුලක් එහෙ... අනෙත් කකුල මෙහෙ... කෝකටත් සුදානම් සරීරේ කියල කීවලු. සමහරවිට පුරවැසි කතන්දරේ තෝරාබේරා ගන්න ගියාද කවුද දන්නේ?
අර එක්කෙනෙක් මහා ජයට රටේ යුද්ධය යද්දී, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුත් වෙලා, ලංකාවට ආධාර දෙන්න එපෝ එපෝ කියකියා රට ගැන හිතමින්, ලෝකේ පුරා ගියා. ඒ මදිවට, රට ගිනි ගනිද්දී විනා වාදනය කලා වගේ, ඒ රටවල් වල ගිහින් විනෝදෙට බෝට්ටු පැද පැද සොමියේ නිවාඩු ගතකරලාත් ආවා නම්, මේ මනුස්සයා පාර්ලිමේන්තුවේත් නැතිව, දැනට නිකන්ම නිකන් අපි වගේ මිනිහෙක් වෙලා ඉද්දි, සති දෙකක් අඹු දරුවෝ බලන්න ගිය එක වරදක්ද? මොකද රට කැලි කැලි කඩලා දෙන්න දඟලන කෙනෙක්ද? පක්ෂවලට විදේශ වලින් ලැබුණු ආධාර අරමුදල් කාබාසිනියා කරගෙනද? නෑනේ? අනික තමුන්ගේ අතින් ටිකට් අරන්...
නම කිව්වත් පණ බයක්නේ සමහර මිනිස්සුන්ට. බය වෙන්න එපා ගෝඨාට බයවෙන්නේ ත්‍රස්තවාදීන්, පාතාලයින්, කුඩුකාරයින් වගේ අයනේ... කවුරු මොනවා කිව්වත් මුළු රටම, එක පයින්ම ගෝඨාට තමයි.
ඔබතුමා නොහිටියා නම් තවම යුද්දේ. මන් ඒ කාලේ කොළඹට ගියේ හරිම බයකින්. දැන් පිපිරුවා.. දැන් පිපිරුවා.. හැඟීම හැම තිස්සෙම හිතට ආවා. වරක් 99.99න් බේරුනේ...
මේ කාලේ ඇමරිකා එක්සත් ජනපදය Tax ගෙවන්න ඕනේ කාලේ. අප්‍රේල්15ට පෙර. සෑම පුරවැසියෙක්ම ලංකාවේ වගේ අමෙරිකාවේ TAX සෙල්ලම් බැහැ. ඉතින් ගෝඨා ඇමෙරිකාවට ඇවිල්ලා ඒ ටික එකලස් කරන වෙන්න ඇති. ගෝටා ජනාධිපති වුණාම, ඇමෙරිකාවට TAX ගෙවන ශ්‍රී ලංකා ජනාධිපති. හැබැයි ඔක්කොම ඉන්කම් ඩික්ලෙයාර් කරද දන්නේ නැහැ. මොකද ඇමෙරිකාවෙයි, ලංකාවෙයි දෙකේම ඉන්කම් ඇති. මම කියන්නේ බොරුනම් ගූග්ල් එකේ සර්ච් කරලා බලන්න.
එහෙම ඉන්න. බාගෙට ඇමෙරිකන් කාරයෝ අපිට එපා. මෙරටේ මිනිස්සුන්ට මොලයක් තියෙනවානම් මෙයාව විතරක් නොවෙයි, මේ රටේ එදා මෙදා දේශපාලනයට ගෑවිච්ච එකෙකුට වත් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි අලුත්ම නායකයෙක්,අලුත්ම පක්ෂයකින් බලයට ගෙනල්ලා මේ රට ලෝකයේ ලස්සනම රට කරනවා.
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ කියමින් මේ රටේ ජනතාව ගොනාට අන්දන මොවූන් එම රට වලම රිංගගෙන මේ කරන දෙබිඩි පිළිවෙත කුමක්ද ජනතාව හැම දාම ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතාගෙන ඇති.
ලංකාවට ගිහින් කියයි මම පුරවැසි භාවය අයින් කර ගත්තා කියා
එහේම ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
නිහාල් හරියටම හරි. හමුදාව අත හැරලා බයේ පැනලා ගිය ගෝඨාභය මහත්තය එයාගේ අයියා ජනාධිපති වෙච්ච හැටිය ඇමරිකාවේ ඉඳලා ආපහු ඇවිල්ල තනියෙන්ම එයාගේ තුවක්කුව උස්සාගන උතුරට ගිහිල්ලා දිශුම් දිශුම් කියලා මාර ෂොට් වලින් කොටින් ඔක්කොම ඝාතනේ කොරලා ඔයාව ගලවා ගත්ත!
මාර දේශප්ප්‍රෙමි පව්ලේ කට්ටිය ඇමෙරිකාවේ. කකුල් දෙක දෙපැත්තේ අපේ අය ඇමරිකන් විරෝධි
එක කකුලක් ලංකාවේ. අනිත් එක ඇමරිකාවේ.
තිබෙන ප්‍රතිචාර ධන හා සෘණ උණත් ඒවායේ ප්‍රමාණය බැලුවහම පෙනෙන්නේ නම් ගෝඨාභය මහතා ජනාධිපති වරණයේ තීරණාත්මක සාධකයක් බවයි.
ගෝඨාභයට ඡන්දෙ කොහොම වෙතත් මනුස්සයන්ගේ කැමැත්ත මේ කොමෙන්ට්වලින් පේනවා. ලංකාවේ මනුස්සයින්ට අතීතේ අමතක නැහැ එහෙනම්... පව් අප්පා