(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළකරමින් විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය වන පරිදි හෙට (24) සිට ඉරිදා (29) දක්වා සමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකර ඇත.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළු පැවැත්වීමට නියමිතය.
ඒ අනුව සමූපාකාර නියෝජිතයන්ගේ සමුළුව, විශ‍්‍රාමිකයන්ගේ, මැදපෙරදිග හා විදේශ රටවල නියුතු පවුල්වල සමාජිකයන්ගේ සමුළුව, රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සමුළුව, ධීවර නියෝජිත සමුළුව, ව්‍යාපාරික හා සංචාරක සංවිධාන සමුළුව, දහම්පාසල් /පිරිවෙන් ගුරුවරුන්ගේ සහ සංස්කෘතික ක්‍ෂේත‍්‍ර නියෝජිතයන්ගේ සමුළුව, එළවළු වගාකරුවන්ගේ සමුළුව සහ ඇඟළුම් ක්‍ෂේත‍්‍ර නියෝජිතයන්ගේ හා රූපලාවන්‍ය ශීල්පී ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් එම සමුළු පැවැත්වේ.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගෝඨාභයට සහය පළකරමින් පොහොට්ටුවෙන් සමුළු මාලාවක්
wimal Monday, 23 September 2019 11:08 AM
ජය වේවා ! 70% පනින්න ඕන මේ ගමන ඡන්ද ප්‍රතිඵල.
LionMonday, 23 September 2019 12:27 PM
වැරදි 99% ක් පන්නනවා.නොවැරදීම ඔය ජනහමුවලට නඩු තියෙන හැම කෙනෙක්ම සහභාගිිී කරවගන්න ඕනේ.
Hafeel Monday, 23 September 2019 11:20 AM
අතුරුදන් කළ මාධ්‍යවේදීන්ගේ සමුළුව නැද්ද?
maxMonday, 23 September 2019 12:52 PM
රිචර්ඩ් ද සොයිසා, ප්‍රේමකීර්තිද අල්විස්, තේවිස් ගුරුගේ, විජය කුමාරතුංග වගේ කට්ටිය ගැනද හෆීල් කිව්වේ...?
Dhammasiri himiMonday, 23 September 2019 10:48 PM
තියෙනවා. ඒකට රනිල්, අනුර කුමාර දෙන්නටත් ආරාධනා කරනවා. රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් , තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් යනාදී අයගේ ඝාතන ගැනත් විශේෂ දේශනයක් තියෙනවා. කැමති නම් සහභාගී වෙන්න. දිනය පසුව දැනුම් දෙන්නම්.
samTuesday, 24 September 2019 03:19 AM
ඒක ඉතින් යුඑන්පී එකටත් කියන්න.
sirimal Monday, 23 September 2019 11:58 AM
ඉතාම කාලෝචිත වැඩ සටහනක්. ඒ වගේම රතුපස්වල විරෝධතා දක්වූවන්ගේ සමුළුව, මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ සමුළුව, ලසන්ත වික්‍රමතුංග, ශ්‍රීපති සුරියආරච්චි, තාජුදීන්, කිරිවෙහෙර නායක හිමියන් සිහි කර පින් පැමිණවීමේ සමුළුව, ආණ්ඩුවෙන් මුදල් ලබාදුන් තවුහිත් ජමාත් 26 දෙනාගේ සමුළුව, මාතර සැප මාලිගාව පිළිබඳ සමුළුව, ගාලුමුවදොර අක්කර 20, යටියන්තොට අක්කර 50, පැලවත්තේ අක්කර 1200, උල්හිටියේ අක්කර 1500, සෝමාවතිය වනාන්තරයේ අක්කර 5000, මොනරාගල අක්කර 5000, හම්බන්තොට අක්කර 5000 පිළිබඳ සමුළුව, කොළඹ යාචකයින්ගේ සමුළුව, ග්‍රීක බැඳුම්කරය, මිග් යානා හුටපටය, හෙජින් ගනුදෙනුව, ඊපීඑෆ් සෙල්ලම, ගල් අඟුරු සෙල්ලම පිළිබඳ සමුළුව යනාදිය පවත්වන්නේ කවදාද අපේ මහත්තයෝ...? එවාටනම් නොවරදවාම සහභාගී වෙනවා. මොකද හරි රසවත් කතා ටිකක් අහගන්න ලැබෙයි. ඒකයි.
max Monday, 23 September 2019 12:01 PM
බොහොම හොඳයි. ඒ වගේම සියලු ජාතික බලවේග ඒකරාශී කරගන්න. ජාතිකත්ව ධජය යටතේ සිංහල, දෙමල, මුස්ලිම් රටට ආදරේ හැම දෙනා එක් කරගෙන මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවමු. රට අනාරක්ෂිත කළ, ආර්ථිකය කාබාසිනියා කළ, අන්තවාදය පෝෂණය කළ, සංහිඳියාවේ නාමයෙන් වර්ගවාදයට උඩගෙඩි දුන්, දේශපාලන පලි ගැනීම් තම මූලික අරමුණ කර ගත් (උදා: දිල්රුක්ෂි මහත්මියගේ පාපොච්චාරණය), රණවිරුවන් මහපාරට දැමූ, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නෝක්කාඩු ඇති කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවක් බවට පත් වූ මේ ආණ්ඩුව පලවා හරින්න පෙරමුණ ගන්න.
iran Monday, 23 September 2019 02:30 PM
මාලාවක් නොව ගංගාවක් ගැලුවත් දිනුම සිහිනයක් වේවි..!!!
VPerera Monday, 23 September 2019 03:48 PM
රතුපස්වල අයගේ දෙමව්පියන්ටයි, තාජුදීන් - ලසන්තලාගේ අයටයි, කටුනායක ළමයාගේ කට්ටියටයි එන්න කිව්වොත් ලොකු පිනක්...
thanuja Monday, 23 September 2019 04:07 PM
කලබල නොවන්න.මාධ්‍යවේදීන්ගේ ඝාතන වලට එරෙහිව විරෝධතා මාලාවක්, අතුරුදහන් වූවන්ගේ පෙළපාලි මාලාවක්, විසි නවයක් බන්ධනාගාරයේදී ඝාතනය කළා කියා විරෝධතා මාලාවක්, මිග් ගණුදෙනු හා සමාන තවත් මහා පරිමාණ වංචා පිළිබද විරෝධතා මාලාවක්, රතුපස්වල වතුර, ධීවරයින්ට තෙල් මිල අඩු කිරීම වැනි කාරණා වලදී වෙඩි තැබීමට එරෙහිව පෙළපාලි මාලාවක්, යුධ හමුදා මූලස්ථානයේ අක්කර 8 කට වැඩි ඉඩම හා තවත් කොළඹ වටිනා ඉඩම් බලහත්කාරයෙන් පරවාගෙන චීනෙට කුණු කොල්ලෙට විකුණා කෝටි ගණන් මුදල් ඉපයීමට විරෝධතා මාලාවල්..................
Chanak los angeles Monday, 23 September 2019 04:51 PM
නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයා දමපු ගමන් ඡන්ද ටික නියමෙට කැඩෙනවා ඉතින් වෙන්නේ මොන සමුළු තිබ්බත් ගෝඨාගේ දරු පවුල ළඟට යන්නයි. හැබැයි එකත් විශ්වාස නැහැ. තිබෙන අපරාධ නඩු ඔප්පු වෙලා ජම්පරය අඳින්නත් ඉඩ තිබෙනවා.
Migida Monday, 23 September 2019 05:37 PM
හදිසිවෙන්න එපා.නාම යෝජනාවෙන් පස්සෙ බලමු.