(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළකරමින් විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය වන පරිදි හෙට (24) සිට ඉරිදා (29) දක්වා සමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකර ඇත.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළු පැවැත්වීමට නියමිතය.
ඒ අනුව සමූපාකාර නියෝජිතයන්ගේ සමුළුව, විශ‍්‍රාමිකයන්ගේ, මැදපෙරදිග හා විදේශ රටවල නියුතු පවුල්වල සමාජිකයන්ගේ සමුළුව, රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සමුළුව, ධීවර නියෝජිත සමුළුව, ව්‍යාපාරික හා සංචාරක සංවිධාන සමුළුව, දහම්පාසල් /පිරිවෙන් ගුරුවරුන්ගේ සහ සංස්කෘතික ක්‍ෂේත‍්‍ර නියෝජිතයන්ගේ සමුළුව, එළවළු වගාකරුවන්ගේ සමුළුව සහ ඇඟළුම් ක්‍ෂේත‍්‍ර නියෝජිතයන්ගේ හා රූපලාවන්‍ය ශීල්පී ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් එම සමුළු පැවැත්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.