(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.25%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී.
පස්වරු 3.00 වනවිට නිකුත් කර තිබූ නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,924,255 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 5,564,239 ක් ලබාගැනීමට සමත්ව සිටී.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රතිශතය 3.16 % කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට, ගෝඨට ජය වේවා !
මගේ රට දිනන්නේ සුපිරිසිදු සිංහල ඡන්ද වලින්..
කිසිම අපේක්ෂකයෙකු සිංහලයන්ගේ බලය අවතක්සේරු නොකළ යුතුය.
ජයවේවා ගෝඨාභය !
ඔව්. ඔබතුමා අපේ රටේ ජාතික නායකයා වේවායි සැමගේ පැතුමයි. ජයවේවා !
රට දිනුවා. දැන් අපි එකතු වෙලා ගෝඨගේ පක්ෂෙන් දූෂිත පාලකයන් එලවමු.
ඔව් ඡන්ද ප්‍රතිඵල කියා පාන්නේ. මෙවර ඡන්දයේදී ජාතිවාදයේ ලොකු ඉස්මතු වීමක්, දෙපසින්ම. මම එකට වැරදි කියන්නෙත් හරි කියන්නෙත් නැහැ. මම කිව්වේ පේන දෙයයි. මොනවා උනත් අපි රට වැසියන් වශයෙන් අපිට පෙනෙන සහ දැනෙන දෙය අනුව තමයි ඡන්දෙ දෙන්නේ. උතුර සජිත්ට, දකුණ ගෝඨට. මේ ඡන්දෙ නිරුපණය කරලා තියෙන්නේ ජන වර්ගය අනුවයි. ගෝඨාභය මහත්තයට සුභ පතනවා ආර්ථිකය සවිමත් දුෂණයෙන් තොර හැම ජන කොට්ටාෂයකටම සමාන විදිහට සලකන රටක් හදන්න කියලා.
සුද්ද සිංහල පිරිසිදු ලේ. සිංහල ඡන්ද. අපි ආදරෙයි අපේ සිංහලකමට. ශ්‍රී ලංකාවට ජයවේවා! ගෝඨාභය මැතිදුනි.....
එජාපයට දැන් තේරනව ඇති සුළු ජාතික ඡන්ද බහුතරය සහ මහා ජාතියේ සුළුතරය රැගෙන රජ විය නොහැකි බව.
උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, වියතුන්, දර්ශනවේදීන්, සංකල්පවේදින් ආදී නොයෙකුත් දෙනා සිටි මාලිමාවට දිශාව මාරුවෙලා හරියට අර පණ්ඩිතයන්ට හදපු ප්‍රස්තාපිරුලු වගේ.
දුටු ගැමුණු , එළාර මානසිකත්වය තියෙන තාක් කල් මේ රටේ දෙමළ සිංහල ජනයා අතර සාමයක් ගොඩ නැගෙන්නේ නැත. මෙය නැති කරන තාක් කල් මේ රට දියුණු වෙන්නෙත් නැත.
දැන් මෙතන එජාපේට කඩේ ගිය කට්ටිය කෝ?
උතුරේ මුග්ධ බෙදුම්වාදයටත් නැගෙනහිර උග්‍ර අන්තවාදයටත් එරෙහිව ප්‍රඥාවන්තව සිය ජන්දය දුන් සියලුම සිංහ විරුවන්ට මුළුමහත් ජාතියේම ප්‍රණාමයද නමස්කාරයද හිමිවිය යුතුය.
සුපිරිසිදු සිංහල ඡන්දෙන් පත්වෙන මැතිදුනි, රට ඔබට භාරයි. දරුවෙකු ඉන්න පියෙකු ලෙසින් දරුවන්ගේ අනාගතය හදන්න. නැවතත් අපේ මව්බිමට ඇවිත් දරුවන් සමග ජීවිතයක් ගත කරන්න පුලුවන් මාර්ගයක් හදන්න. ඔබට දළදා සමිදු පිහිටයි !
අද ගණින්නේ ඡන්ද නොවේ. කකියන ලේ ඇති සිංහලයන් ගණනයි. බුදු සරණයි ශ්‍රී ලංකා..!
කෝ මේ චානක ලොස් ඇන්ජලීස්.
දැන් ආයෙත් ජාතිවාදය අවුස්සන අයට යහපත් කාලයක්. ජයවේවා ශ්‍රී ලංකා !
වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද? ඒ අයට ඕනේ නිදහස නෙවේ.
ජනපති ගෝඨාභයට බොරලැස්ගමුවේ සුභාෂිංසනය. ඔබතුමාට ධෛර්යය, වාසනාව ලැබේවා!
නෙලුම් පොහොට්ටුවට ජයවේවා ! ඔන්න අද මුළු ලංකාවේම නෙලුම් පොහොට්ටු පිපුණා .2015 ඔබ අතින් වූ වරද නිවැරදි කරගත් සමස්ත ශ්‍රීලාංකිය ජනතාවට ජයවේවා !
උතුරේ සිංහල අය එළවන්න කියද්දී, බෝම්බ ගහනවා කියද්දී.බදු බර පටවල රටේ පුද්ගලික ආයතන වසාදමද්දී. බැංකුව කඩලා මහ දවල් කොල්ලකද්දී, කොම්පැනි අයිතිකාරයෝ පඩි ගෙවන්නේ කොහොමද කියලා ලතවෙද්දී බකන් නිලාගෙන හිටපු උතුරේ ජාතිවාදයක් නොදැක්ක නමුත් දකුණේ සිංහලයා ජාතිවාදී කියපු ,හැම අතින්ම සිංහලයා කොන් කරපු අයට නිවැරදි උත්තරේ දැන් දීල තියෙනවා.දැන් හකුලාගෙන යන්න. සජිත් නයකයා කරලා දැන් රනිල් ගෙදර යන්න ඕනේ. සජිත් පැරදුනේ රනිල් නිසා මිසක් සජිත් නිසා නොවේ.
2015 ජනතාව අතින් වූ වැරැද්ද නිවැරදි කළා. ඉතිරිය ඔබට බාරයි...
" සිව් මහ බඹුන් දුන් විවරණින් අපටත් රජෙක් පහළව ඇතේ.." ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයෙන් පිදුම් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට උණුසුම් සුභ පැතුම් !!!
නිදාගෙන ඉන්න සිංහයින් ඇහැරවන්න එපා කියන්නේ ඕක තමයි. මේ ආණ්ඩුව නිදාගෙන හිටිය සිංහයාට පොල්ලෙන් ගහලා වැඩ වරද්ද ගත්තා. ලංකාවේ ජනාධිපති තීරණය කරන්නේ සිංහලයින් මිසක් දෙමළ, මුස්ලිම් අය නෙමේ... දෙමළ, මුස්ලිම් අයට රෙදි නැතුව කඩේ යන අයට මේක පාඩමක්....
රාජ්‍ය අනුග්‍රහය තිබු අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී දේශපාලුවන්ගේ රැවටීම් වලට හසු නොවී ගෝඨාභය මහත්මාගේ ජයග්‍රහණය වෙනුවෙන් නොබියව, එඩිතරව උඩුගම්බලා යමින් තම ඡන්දය භාවිතා කළ උතුරු, නැගෙනහිර ඇතුළු සමස්ත රටවාසි දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාවට අපගේ හද පිරි උත්තමාචාරය හිමිවිය යුතුයි!
2005 ප්‍රභාකරන් ඡන්ද වර්ජනය කළ නිසා අනූ නවයෙන් රට බේරුණා.(ඒ තුළ යුද්ධය ඉවර වුණා.) 2019 බුද්ධිමත් මිනිස්සු නිසා රට අනූනවයෙන් බේරුණේ. (ඒ ලංකාව ස්මාර්ට් රටක් වෙන්න. ආසියාවේ ආශ්චර්යමත් රට සෞභාග්‍යමත් රට ලංකාව වීමට.) 2015-2019 අතර යහපාලන කාලය තුළ ඉගැන්නුවේ ගුණමකු, කල ගුණ නැති උනහම වෙන විනාශය.
මේ මැතිවරණයෙන් අපි දැකපු හොදම දේ ජනතාවගේ පිළි ගැනිම නැති උනහම ජනෙල්වල එල්ලෙන්නේ නැතිව අවුරුදු 20 -30 නායකකමේ ඉන්නේ නැතිව ජනතා කැමැත්තට ගරු කර සියලු තනතුරු වලින් ඉවත් උන ඔබ සැමට සුභ අනගතයක්.රටට දුන්න ආදර්ශය වැදගත්. ඔබලාට ජනතා දේපළ කොල්ලකෑමේ හිතක් නැති නිසා ඔබලා එසේ කලාට මැරෙනකම් මේක අල්ලන් ඉන්න සියලු දෙනාව ඊලග ජන්දෙන් ගෙදර යවන්න .
චානක් ලොස් ඇන්ජලීස්, ඔබ හොඳින්ද?
මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔබට මිසක් හොරුරැලට නෙවෙයි.
මෙම ප්‍රතිඵලයෙන් පෙනෙන්නේ රටේ ඉන්න ජාතින් දෙකට බෙදී ඇති බවයි. උතුරට ඕන කෙනා දකුණට එපා, දකුණට ඕන කෙනා උතුරට එපා. නව ජනාධිපතිතුමාට මේ ගැන ගැඹුරින් සිතන්න කියා පතමි.
ජය වේවා ජනාධිපතිතුමනි !!! චිරන් ජයතු !!!
ශ්‍රි ලාංකික මධ්‍යම පාංතික ජනතාවට අස්වැසිල්ලක් සහ ජයග්‍රහණයකි.
සහෝදරවරුනි, නිකමට දිස්ත්‍රික්ක ඡන්ද ප්‍රතිඵල දෙස බලන්න...
නැවතත් රජෙක් පහළව ඇතේ....!!!
ගෝඨාභය මැතිතුමනි, ඔබතුමාට විශාල කාර්යභාරයක් කරන්නට තියනවා. දියුරුම් දුන්නට පසුව, ශෝභන පෙළපාලි, වියදම් යන උත්සව, වැනි කාලය කාදමන, මාර්ග අවහිර කරන වැඩවලින් වැළකී ජනාධිපති පුටුවෙහි වාඩිවී බුද්ධිමත්, උගත් පිරිසක් වටකරගෙන හරියට වැඩක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් කිරීමට පටන් ගන්න. මුල හරියට පටන් ගත්තොත් දිගටම යන්නට පුළුවන්..