නාලක සංජීව දහනායක
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය සඳහා නිල මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දෙදෙනෙකු පත්කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.
ඒ අනුව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම හා මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන්ගේ රැස්වීමේදී ගනු ලැබූ ඒකමතික තීරණයක් අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්.බී., ඩිලාන් බබාලා නරකද ඔය වැඩේට?
පලපුරුදු ඩෝබීලා..! එක්කෙනෙක් නම් ඡන්දේ කිට්ටු වෙනකොට අනිත් පැත්තට බල්ටියක් ගහන්න ලෑස්තිලු..
වෙන කෙනෙක් හොයාගන්න හිටියෙම නැද්ද? අපට ආරංචිවෙන්නේ ගෝඨාභය මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න අවසරයක් නැහැ කියලයි. මාධ්‍ය සකච්ඡාවලදී ඒ ගොල්ලෝ කියනදේවල් විතරලු ප්‍රසිද්ධ කරන්න පුළුවන්. පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ ඒක. මුහුද හත්ගව්වක් තියලා අමුඩේ ගහන්න ගිහින් දැන් සේරම කට්ටියගේ හුළං බැහැලා වගෙයි පෙනෙන්නේ... මහින්ද මහත්තයා හැමදවසකම උදේ තේ බොන්න ගෝඨාභය මහත්තයාගේ ගෙදරට යන පුරුද්දක් තියෙනවා. එහෙම ගිය වෙලාවක ගෝඨාභය එයාගේ මැතිවරණ වැඩපිළිවෙල ගැන කියන්න ගිහින් අම්බානකට අහගත්තලු. ඒ වගේම මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ පිහිටුවන නව සංධානයේ පාලනය විධායක සභාවකට පැවරෙන අතර එහි 55%ක නියෝජන බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීමටත් සංධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම සංධානයේ ලේකම් ධුරයද පොහොට්ටුවම හිමිවීමටත් ගත් තීරණය ගැන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් කලකිරීමට පත්ව ඉන්නා බවත් කියනවා. "ඡන්ද ගේම" බැසිල්ගේ අතට පත්වෙන හැඩ පෙනෙන බවත් බැසිල් රාජපක්ෂ" කුඩා පක්ෂවලට නටන්න දෙන්න බෑ" කියා පැවසූ බවත් කියනවා...
කෙහෙළිය කොහොමටත් කුණු සෝදන්න හොඳයි. නමුත් ඩලස්ට වඩා මාතර ඉන්නවා කුණු සෝදන්න පළපුරුදු කෙනා.
එතුමන්ලාව අතුරුදහන් කරන්නේ නැතිද?
රයිගමයයි, ගම්පොලයයි වගේ හිටියි, ඡන්දය දිනන්න නෙමෙයි වෙන්නැති හිතාගෙන ඉන්නේ... නැතිනම් මෙලෝ රහක් නැති අය දාගනියිද?
මෙයා ඇමරිකන් පුරවැසියෙක් නිසා ඇමරිකන් කාරයෙක් ගෙනාවා නම් ඉවරයි නේද? ඇමරිකන් කාරයෙක් ලංකාවේ ජනාධිපති කරන්න තරම් ලංකාවේ ඉන්නේ බත් කන හරක්ද?
මරු දෙන්නෙක්, පරණ මූණු සේම සිංහල.. නරකද හැමදාම බෙලෙක් හඩින් මොනව හරි කියවන්න..
තමන්ගේ මතය ප්‍රකාශකරන එකයි, අයියගේ මතය ප්‍රකාශ කරන්න එකයි... කරන්නේ..
අලුත් පරණ වෙනසක් නෑ. කොහොමත් ඉතින් වෙන්නේ එකම වැඩේනේ නේද ?