(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
එක්සත් ජාතික පක්ෂ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන පරිදි මුද්‍රණය කරන ලදැයි කියන අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන දෙපාර්ශවයෙන්ම පානදුර දකුණ පොලිසියට ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පානදුර නගර සභාවේ උප නගරාධිපති ඇතුළු පාක්ෂිකයින් පිරිසක් පානදුර දුම්රිය පොල අසල පත්‍රිකා බෙදමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු නාගරික මන්ත්‍රී මහේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එයට විරෝධය දක්වා ඇත.
‘‘මේ රට අනතුරේ‘‘ ‘‘ඔබේ නිදහස අනතුරේ‘‘ යනුවෙන් පිටු දෙකකින් යුත් කරුණු ඇතුළත් අත් පත්‍රිකාවක් උප නගරාධිපතිවරයා ඇතුළු පිරිස බෙදමින් සිටි බව හිටපු නාගරික මන්ත්‍රීවරයා කීය.
එම මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පානදුර නගරයේ පිහිටා ඇති එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එවැනි අත්පත්‍රිකා තොගයක් පොලිසියට භාරයට ගනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රීවරයාගෙන් සහ උප නගරාධිපතිවරයාගෙන් පැමිණිලි ලැබී ඇතැයි ද අපහාසාත්මක ලෙස පත්‍රිකා බෙදා හැරීම , එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට බලෙන් ඇතුළු වීම, පහරදීමට තැත් කිරීම, ආදී කරුණු කිහිපයක් එම පැමිණිලි වල සඳහන් ව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


2025 ඔක්තෝබර් මස 08
1917
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෝඨාභයට අපහාස වන පත්‍රිකා බෙදූ සිද්ධිය ගැන විමර්ශන
chamath Tuesday, 12 November 2019 04:43 PM
මොන මඩ ගැසුවත් වැඩක් නැත 18 වෙනිදා ලංකාවේ ජනපති ගෝඨාභයයි
Sudath Wednesday, 13 November 2019 01:38 AM
මැකෝට ස්තුතියි
Chandu Wednesday, 13 November 2019 02:12 AM
මේ දේවල් වලින් සිද්ධ උනේ ගෝඨා ගේ ජය තවත් තහවුරු වුනු එක විතරයි
Pradeep Wednesday, 13 November 2019 03:04 AM
මේ වැඩ වලින් පැහැදිලි වෙන්නේ ඔවුන් දැනටමත් පරාජය භාරගෙන අවසන් බව නොවේද... දැන් මේ ගිලෙන්න යන අය පිදුරු ගහේ එල්ලෙන්න හදන්නේ.. වැඩක් වෙයිද...