බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ මඩ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයා හා අනෙක් පුද්ගලයා අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හරිෂ් පැල්පොල මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරන ලද්දේ නුගේගොඩ ගංගොඩවිල දුම්රියපළ පාර පදිංචි සිංගජපුලිගේ දොන් හේමසිරි (64) සහ නුගේගොඩ මිරිහාන පදිංචි සිරිල් ප්‍රනාන්දු (60) යන දෙදෙනාය.
COMMENTS
අලුතින් මොකටද අපහාස කරන්නේ?
මෙන්න යහපාලන ආණ්ඩුවේ පිළිවෙත. සුදු වෑන් එකෙන් ගෙනියන්නේ නැතුව නීතියෙන් දඬුවම් දෙන්න.
මේ ආණ්ඩුව ලෝකෙට එක් වූ අරුම පුදුම ආණ්ඩුවක්... අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරගෙදර... ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ. අනිවාර්ය නිවාඩු යවලා විතරයි...
ඔවුන් විතරක් නොවෙයි, ඔවුන්ට අනුබලදුන් අයවත් ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිරගත කළ යුතුයි.
ලොක්කාගෙන් ලකුණු දාගන්න හෙන්චයියලා කරන වැඩ... උපරිම දඬුවම් දිය යුතුයි.
දැන්වත් කට්ටිය පාඩමක් ඉගෙනගනීද මන්දා...