(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් වන අත්පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන පුද්ගලයින් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා අද (15) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරීයකු වන උඩහමුල්ල පදිංචි ජයන්ත හේමසිරි සහ සුනිල් ප්‍රනාන්දු යන අයවලුන්ය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දින සහ ආසන්න දිනයන් හිදී කිසිදු දේශපාලන කාර්යයකට නො නියැලෙන ලෙසත් එලෙස වූ බවට පැමිණිල්ලක් ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටත් සැකකරුවන් දෙදෙනාට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවේය.
ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් වන අයුරින් මුද්‍රණය කර සකස් කරන ලද අත්පත්‍රිකා තොගයක්, පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මිරිහාන විජේසේකර මාවතේදී බෙදා හරිමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව ඉකුත් 10 වැනිදා මිරිහාන පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගෝඨාභයට අපහාස වන අත්පත්‍රිකා බෙදූ දෙදෙනාට ඇප
Shehan Friday, 15 November 2019 05:20 PM
ඔන්න යහපාලනය... මේකෙන් වෙන්නේ තව තවත් ඡන්ද නීතිය කඩන්න උනන්දු කරවීමයි. දවස් දෙකක් ඇතුලේ හිටියා කිසි ප්‍රශ්නයක් නැතුව එළියට ආවා...
කරුණාපාල Friday, 15 November 2019 07:18 PM
ආයේ ඉතින් අමුතුවෙන් මොනවා කියලා අපහාස කරන්නද?
siri Friday, 15 November 2019 07:30 PM
ඔය අත්පත්‍රිකා ආවේ කොහෙන්ද? කාගෙන්ද?