IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘

(නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අධිකරණයෙන් පරාජය කරන බැවින්  ඔහුගේ පුරවැසිභාවය ගැන එතරම් තැකීමක් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ වෝක්ස්ෂෝල් වීදියේ නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ  ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේද කීය

       ‘‘ ගොඨභයගේ පුරවැසිභාවය පිළිබඳව ප‍්‍රශ්නය යළිත් මතුවෙලා තියනවා. ඔහුගේ නම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කර නොමැති බව නවතම ලයිස්තු වලින් තහවුරු වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ,මොකද ගෝඨාභය රාජපක්ෂ අපි  ජනතා අධිකරණයෙන් පරාජය කරනවා.

ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට  අවශ්‍යම ප‍්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභයමයි. ඒ නිසා ජනතා ඡන්දයෙන් පරාජයට පත්කරන්න තියෙද්දී තාක්ෂණික ප‍්‍රශ්න මගින් ගෝඨාභය පරාජය කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒවැනි මාර්ගයකින් ගෝඨාභය පරාජය කිරීම නුසුදුසුය කියලා සජිත් පේ‍්‍රමදාස මහතා හිතනවා.

නමුත් ගෝඨාභය ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවෙයි. ජනතාව වෙනුවෙන් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි කරනවා. අපි ගෝඨාභයට අභියෝග කරනවා තමන් ශ‍්‍රී ලංකා පුරවැසියෙක් කියලා අවසන් අවස්ථාවේ හෝ ඔප්පු කරන්න කියලා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  31 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ, ශ‍්‍රී ලාංකිය පුරවැසියකුට පමණයි. ගෝඨාභය ඇමරිකාවේ පුරවැසි භාවය ගත්තා ශ‍්‍රී ලංකාවේ පුරවැසි පනත අනුව ශ‍්‍රී ලංකාවේ ඔහුගේ පුරවැසිභාවය අහිමි වුණා.

ඔහු ලංකාවේ රාජ්‍ය නිලයක් දරන්න නම්, ඔහු ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඔහු 2005 සහෝදරයා ජනාධිපති වුනයින් පස්සේ ලංකාවේ පුරවැසියභාවය ලබාගැනීමට අනුගමනය කළ ක‍්‍රමවේදය වචංනිකයි.‘‘යැයිද ඔහු එහිදී පැවැසීය.

 



අදහස් (0)

‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site