(චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර රැජිණ හෝටලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම කරුණු දැක්වීය.
මෙතෙක් දේශපාලන අපේක්ෂකයන් මෙන්ම පක්ෂ කණ්ඩායම් ජනතාවට ලබාදුන් ආකර්ෂණීය පොරොන්දු පත්‍රිකාවක් වෙනුවට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කෙරෙන බව හෙතෙම කීය.
ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති මෙම ප්‍රකාශනය මාස 4-5 පමණ කාලයක් විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරිකයන් පුළුල් අධ්‍යනයකින් සකස් කළ බව ඒ මහතා පවසයි.
ජාතික ආරක්ෂාව ප්‍රමඛ මෙන්ම අධ්‍යාපනය, ආර්ථික, කෘෂිකර්මාන්තය, විදෙස් ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, බලශක්ති, මාධ්‍ය ආදි විෂයන් පිළිබඳව ද මෙහිදි දැඩි අවධානය යොමු කර තිබෙන බව කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු වකවානුව තුළ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් ලක්ෂය දක්වා ඉහළ නැංවිම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද රඹුක්වැල්ල මහතා පවසයි.
මේ වන විට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය සඳහා යොමු කර ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
තොන්ඩමන්ට එකගවුනු පොරොන්දු 32 ඊට කලින් එලි දක්වන්න කෝ
කෝ තොන්ඩමන් සමග එකග වූ පොරොන්දු 32 ක කියන්න තොරතුරු දැනගැනීමේ පනතට අනුව අපිට අයිතියක් ඇත ඉල්ලන්න නැත්තම් අපි අධිකරණයේ පිහිට පතනවා .
ගෝඨාවත් නොදන්න ගොටගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
තොන්ඩමන් සමග ඇතිකරගත් ගිවිසුම ඊට කලින් අපිට කියන්න කරුණා කරුණාකරලා මන්ත්‍රිතුමා
19 වෙනිදා වත් තොන්ඩමන්ට දෙනවා කියපු 32 කියන්න
"කවුරුහරි ලියල දෙන එකක කොලේ බලාගෙන කියවන එකයි අයියගේ අතේ එල්ලිලා පිටිපස්සෙන් යන එකයි සියලුම නඩු හබ වලින් සියලුම දෙනා ගලවා ගන්න එකයි " වෙන්න ඇති ප්‍රධානම ප්‍රතිපත්තිය. වටේට එල්ලිලා ඉන්න ගෝලයෝ ටික දැක්කහම ප්‍රතිපත්තියේ තරම තේරුම් ගන්න පුළුවන් මහත්තයෝ.
පළමුව මම !! දෙවනුව මගේ සහෝදරයෝ !! තෙවනුව මගේ නෑදෑයෝ !! ඊලඟට මගේ මිතුරෝ සහ කඩේ යන ඇයො !! පසුව රට ගැන බලමු නේ , මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින් අවසන් .
පහත කරුණු ඇතුළත් වී ඇතැයි සිතනවා. 1. එක රටක එක නීතියක් 2.සියළුම වනාන්තර මැණුම් කටයුතු කර සීමා මායිම් සලකුණු කර සංරක්ෂණය කිරීම 3.තනි නිවාස ඉදිකිරීම් සඳහා ඉහළ බද්දක් 4.සෑම පවුලකටම උපරිම දරුවන් ගණන 2ක් විය යුතුයි 5. විශ්‍රාමික සහ ඉතා දිළිඳු අයට පමනක් නොමිලේ රාජ්‍ය සේවය ලබා දී අන් අයට ආදායම් මට්ටම අනුව මුදලක් අය කිරීම
මැතිවරණ කාලයට පමණක් කරළියට පැමිණේ අනතුරුව අන්ත්‍රස්ධාන වේ / ප්‍රතිපත්ති ප්‍රකාශය
ලේකම් කාලේ කරපු වැඩ වල හැටියට මාධ්‍යවේදීන්ට නම් අබසරණයි මෙයා ආවෝත් ...
ඔව් ඉතින් දිනනකන් විතරයි. දින්නට පස්සෙ පවුලේ කට්ටියට ඕනි විදියට තමා.
ප්‍රධාන පක්ෂ දෙක හෝ තුන එකවරම ප්‍රතිපත්ති එළිදැක්වීම කරනවානම් හොඳය. ජවිපෙට නම් ප්‍රතිපත්තියක් ඇත. සජිත් ජනතාව ඉල්ලන හැමදේම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කරයි.දැන් ධර්ම සංගායනාවක් කිරීමට ශ්‍රී මුඛයෙන් පොරොන්දුවී ඇත. මේ රටේ කොහෙද හලෝ ධර්ම සංඝායනාවක් කරන්නේ? අර හිමිනමක් වගේ ලිට්රෝ ගෑස් එකෙන් වැටුප් ගන්නා අය සමග මේ රටේ සංඝායනා කරන්න පුලුවනිද? ඊළඟට සජිත් අනික් පක්ෂවල ප්‍රතිපත්තිත් තමන්ගේ කර ගනී. එමනිසා ප්‍රතිපත්ති එළිදැක්වීම එකවරම කරනවානම් හොඳය.